බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියකදී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන ඇතැයි වාර්තාවේ.
පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ (06) පස්වරුවේ මෙම සෝදිසි කිරීම සිදුකර තිබුණි.



එහිදී කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සිවිලිමේ සූක්ෂම ලෙස සඟවා තිබූ දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

ස්මාර්ට් දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඩ්ෆ්‍රී උපකරණයක් එම ස්ථානයේ තිබී ඇත.

මේ අතර බූස්ස බන්ධනාගාරයට සපයා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා වැඩබලන පොලිස්පතිවරයා සහ නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් ඊයේ (06) එහි කල සංචාරයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.