ස්වාධීන රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වූ අමාත්‍ය විමල් වීරවංශ කොරෝනා සමයේ ආරක්ෂිත ආකාරයට මැතිවරණය පැවැත්වීමට හැකි ක්‍රමයක් යෝජනා කර තිබේ.
ඔහු එහිදී මෙසේ කියයි.
'දැන් මතයක් තියනවානෙ ඡන්දෙ දැම්මට පස්සෙ කාඩ් එකෙන්
කෙනෙක්ගෙ අතෙන් වෛරසය කාඩ් එකේ

ගෑවෙන්න පුළුවන් කියලා. ඒකට උත්තරයක් හදලා තියනවා. පෙට්ටියෙ තියන පත්‍රිකා ටික ඔක්කොම බකට් එකකට දානවා ඒ බාස්කට් එක රත් කරන උපකරණයට දානවා ඒ උෂ්ණත්වයේ ඊට පස්සෙ විනාඩි 20 ක් තියනවා.
විෂබීජ හරණය කරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය කියල තියනවා ඒ විදිහට දැම්මොත් වෛරසය විනාශ වනවා කියලා. එහෙම කරලා ආයෙ පෙට්ටියට දාලා සීල් කරලා යවනවා.
මේ ක්‍රමේ රටටම ඕන නෑ. අවදානම තියන තැන් ටිකට විතරක් කළාම ඇති.'