🔥 දවසේ එකතුව 04 - සම්පූර්ණ එකතුව 893

Ad Code

🔥 දවසේ එකතුව 04 - සම්පූර්ණ එකතුව 893

May13
7.30pm
අද(13) රාත්‍රී 7.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 893 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
May12
11.35pm
 ආසාදිතයන් 05ක් හමුවීමත් සමඟ මෙරටින් හමුවූ ක්‍රෝනා ආසාදිතයන් ගණන 889දක්වා ඉහළ ගොස් තිබෙයි.
10.15pm
 ආසාදිතයන් 05ක් හමුවීමත් සමඟ මෙරටින් හමුවූ ක්‍රෝනා ආසාදිතයන් ගණන 884දක්වා ඉහළ ගොස් තිබෙයි.
7.10pm
 ආසාදිතයන් 10ක් හමුවීමත් සමඟ මෙරටින් හමුවූ ක්‍රෝනා ආසාදිතයන් ගණන 879 දක්වා ඉහළ ගොස් තිබෙයි. ඉන් නාවික හමුදාවට අනියුක්ත පුද්ගලයන් 9 බව වාර්තා කර තිබේ.
7.20am
ඊයේ (11) ආසාදිතයන් 6ක් හමුවීමත් සමඟ මෙරටින් හමුවූ ක්‍රෝනා ආසාදිතයන් ගණන 869 දක්වා ඉහළ ගොස් තිබෙයි. සියලු දෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලද නාවික හමුදාවට අනියුක්ත පුද්ගලයන් බව වාර්තා කර තිබේ.
May11
8.40am
ඊයේ (10) දිනයේදී Covid-19 ආසාදනය වූ රෝගීන් 16 දෙනෙකු හමුව තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 863 දක්වා ඉහළ ගොස් තිබේ.
May10
8.40pm
අද (10) දිනයේ මේ වන විට නව කොරෝනා ආසාදිතයින් ගණන 9 ක් හමුවී ඇති අතර එකතුව 856 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

May09
7.40pm
නව කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 847 දක්වා ඉහළ ගොස් තිබෙනවා.අද එකතුව 12 කි.
4.30pm
නව කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 844 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
9.00am
නව කොරෝනා ආසාධිතයින් 11 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට කොෙරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළගොස් තිබෙයි.
මෙම ආසාධිතයින් 11 දෙනාම නාවික හමුදා කදවුරේ සාමාජිකයින් බව හමුදාපතිවරයා අද උදෑසන කීය.

May08
7.00am
තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 824 ක් දක්වා ඉහළ ගොස් ඇත.ඊයේ (07) දිනයේදී රෝගීන් 27 දෙනෙක් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර තිබේ.
May07
12.00pm
ආසාදිතයන් 18 ක් වාර්තාවීම නිසා එකතුව 823 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.දවසේ එකතුව 26 කි.
11.00pm
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 805 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් අසදිතයෙක් හඳුනා ගැනීමත් සමගයි.
5.30pm
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් හත්දෙනෙකු අද (7) දිනයේ මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 804 දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් එකතුව 800 සීමාව ඉක්මවා යාම ඒ අනුව සිදුවිය.

මාර්තු මස 11 වැනිදා මෙරට තුළින් පළමු ශ්‍රි ලාංකික කොවිඩ් - 19 වෛරස ආසාදිතයා හමුවිය.
එදා සිට ක්‍රමයෙන් ඉහළ ගිය ආසාදිතයින් ගණන අද වන විට 800 ඉක්මවා තිබේ.

පළමු ආසාදිතයින් 100 දෙනා වාර්තා වන්නේ, දින 14 ක කාලයක් තුලදීයි.
දෙවැනි ආසාදිතයන් 100 දෙනා දින 18 ක් තුළදි වාර්තා වූ අතර තුන්වැනි ආසාදිතයින් 100 දෙනා දින 9 ක් තුළදි සොයාගැණුනි.  නමුත්, සිව්වැනි ආසාදිතයින් සියදෙනා වාර්තාවන්නේ ඉතාමත් කෙටි කාලයක් තුලදීයි.
ඊට ගතවන කාලය දින 4 කි.
යළි ආසාදිතයින් වාර්තාවිමේ වේගය ඉහළයමින් දින 2 ක් තුළ ආසාදිතයින් 400 සිට 500 දක්වා වාර්තා වෙයි.
ආසාදිතයින් 500 සිට 600 දක්වා වාර්තා විමට ගත වන්නේ ද  දින 2 ක් පමණයි.
හත්වැනි ආසාදිතයින් සිය දෙනා වාර්තාවීමට ගතවන කාලය සටහන් වන්නේ දින 5 ක් ලෙසයි.
අද 8 වැනි ආසාදිතයින් සිය දෙනා ඉක්මවා යාම දින 5 කදී සිදු විය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu