
දෙකාහායි පෙහෙලි බාර්, තුජේ දේකා තෝයේ ජනා සනම් ආදී බොහෝ ජනප්‍රිය ගීත පෙළක් ඔවුන් මෙම වේදිකාවේ ගයනා කර තිබේ.
එමෙන්ම ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් ජනප්‍රිය වූ මෙම වීඩියෝව හේතුවෙන් සංගීත ලෝලීන් මෙන්ම නළුවන් තිදෙනාට ආදරය කරන ප්‍රේක්ෂකයන්ද බොහෝ සෙයින් සතුටට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.
සැබවින්ම එය ඉතා දුර්ලභ දසුනකි. මෙම රංගන ශිල්පීන් තිදෙනා එකම වේදිකාවක් මත මෙසේ ගීත ගයමින් නර්තනයේ යෙදෙන්නේ බොහෝ කලාතුරකිනි. එබැවින් මෙය සුවිශේෂී අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැක. එමෙන්ම මෙය ඉතා විශේෂ සිදුවීමක් බවත් මෙවැනි වීඩියෝ ඉතා දුර්ලභ බවත් පවසමින් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙම අපූරු වීඩියෝවට ප්‍රතිචාරද දක්වා තිබුණි.
(රිෂ්මි ඉෂාරා)



