වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි  කාන්තාවක මිය යාමෙන් පසුව ඇයගේ සිරුර  මිහිදන් කිරීම තාවකාලිකව නතර කර ඇති සිද්දියක් වාර්තාවේ.
වැලිගම අළුත්වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම 54 හැවිරිදි කාන්තාව
දීර්ඝ කාලයක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර අද (07) උදෑසන ඇයගේ අසනීප තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇයව මාතර නගරයේ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇත.
එහිදී වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත්තේ වහාම ඇය රජයේ රෝහලකට ඇතුලත්කරන ලෙසයි.
නමුත් ඇයගේ පවුලේ සාමාජිකයින් වෛද්‍ය උපදෙස් නොතකා ඇය නැවත වරක් නිවසට රැගෙන ගොස් ඇති අතර එසේ යමින් සිටියදී ඇය මියගොස් තිබේ.

අනතුරුව පවුලේ සමාජිකයන් සහ ඥාතින් විසින් මියගිය කාන්තාව මුස්ලිම් චාරිත්‍රානුකූලව මිහිදන් කිරිමට අවශ්‍ය කටයුතු සූදානම් වුවත් සැකසහිත මරණයක් වීම නිසා වැලිගම මූලස්ථාන පොලීසියට ඒ ගැන කිසිවෙකු පැමිනිලි කර තිබේ. ඒ ලැබුණු තොරතුර මත මිය ගිය කාන්තාවගේ සිරුර මිහිදන් කිරීම තාවකාලිකව අත්හිටුවන්නට පොලිසිය කටයුතු කර ඇත.

වැලිගම මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ වැලිගම පොලිසියේ නිලධාරින් ගේ සහය මත මියගිය කාන්තාව සම්බන්ධයෙන් අදාළ මරණ පරීක්ෂණ වාර්තා ලබාගැනීම සදහා මියගිය කාන්තාවගේ මළ සිරුර මාතර රජයේ රෝහලට ගෙන යාමට පියවර ගෙන ඇත.