ලබන සඳුදා සිට ක්‍රියාත්මක ජන ජීවිතය යථාවත් කිරීමේ ක්‍රියාවලිය යටතේ දිස්ත්‍රික් අතර ගමනා ගමනය පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ හෙට දිනයේදී හෝ ලබන සෙනසුරාදා වන විට ඒ පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

ඊට අදාළ ගැසට් නිවේදනයක්ද සකස් කරමින් පවතින බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ආසාදිත නොවන කලාපයක සිට ආසාදිත නොවන කලාපයකට පැමිණීම ගැටලුසහගත නොවන බවත්, තවදුරටත් හුදෙකළා කර ඇති ප්‍රදේශවලට ඇතුළුවීමට හෝ ඒ ප්‍රදේශවලින් පිටවීමට හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.