ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් නිෂ්පාදන අංශයේ සේවය කරන වෘත්තිකයින් 5 දෙනෙකු කොරෝනා වැළඳී ඇතිදැයි පීසීආර් පරීක්ෂණ වලට යොමු කර තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග
සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම පස්දෙනාගේ ප්‍රතිඵලය ලැබී ඇති අතර කිසිවෙකුට කොරෝනා වෛරස් රෝගය වැළඳී නැත.
මෙම පරීක්ෂණ සිදු කිරීමට හේතුවී තිබුනේ මීට ටික දිනකට පෙර ස්වර්ණවාහිනී නාලිකාවේ අනුග්‍රහයෙන් පවත්වන්නට යෙදුණ සංගීත වැඩසටහනකට ගුවන්හමුදා තූර්යවාදක ශිල්පියෙකු සහභාගීවීමත් එම තැනැත්තාට කොරෝනා වෛරස් රෝගය ආසාදනයවී ඇති බවට හෙළිවීමත් නිසාය.
ස්වර්ණවාහිනියේ අදාළ වැඩසටහන් නිෂ්පාදකයින් එම පුද්ගලයා සමග එක්ව කටයුතු කිරීම නිසා සැකය පැනනැගුණ අතර සේවකයින්ගේ ආරක්සාව වෙනුවෙන් පාලනාධිකාරිය මේ අයට කොරෝනා පීසීආර් පරීක්ෂාවක් කරදෙන ලෙස ඉල්ලා තිබුණි. ඒ අනුව පරීක්ෂණ සිදු කළ මුත් එම පරීක්ෂණ ප්‍රතිඵල සෘණාත්මක විය.