සුගිය කාලයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දැඩි ලෙස අවම කර මැතිවරණයකටද ගිය දකුණු කොරියාව සිය අගුලුදැමීමේ නීති ලිහිල් කර ටික දිනක් ගතවත්ම කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීම නිසා ඊයේ සිට නොසන්සුන් තත්වයට පත්ව තිබේ.
දකුණු කොරියාව පසුගිය පැය 24 තුළ COVID-19 රෝගීන් 34 ක් වාර්තා කර ඇති අතර
එම වර්ධනය මතුවූනේ සමාජ ශාලා වලිනි. සෝල් හි ඉටෙවෝන් හි සමාජ ශාලාවක මෙම පැතිරීම සිදුවිය.යොන්හාප් ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ දකුණු කොරියාවේ ආසාදිතයින් හමුවීම මාසයක් තුළ 30 ට වඩා ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බවයි.
රෝගය බෝවූ සමාජ ශාලා සේවකයින් 34 දෙනාගෙන් 26 දෙනෙකු දේශීය අය වන අතර 8 ක් විදේශිකයින්ය.

වෛරසයට එරෙහි සටනේදී රට ලබා ඇති දුෂ්කර ජයග්‍රහණය මේ නිසා අඩාලවී ඇති බවට එරට මාධ්‍ය තුළ වාර්තා පළව ඇත.
රට තුළ කොරෝනා වෛරස් රෝගීන්ගේ නව වැඩිවීමක් සිදුවනු ඇතැයි යන බිය මධ්‍යයේ කලබල වීමට හේතුවක් නොමැති බව දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ-ඉන් නිවේදනයක් නිකුත් කරමින් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි අතර තම ආරක්ෂාව අඩු නොකරන ලෙස දන්වා සිටියේය.

"විනෝදාස්වාද කර්මාන්තය තුළ මෑතකදී ඇති වූ ආසාදන පොකුර, වැනි පොකුරු ඕනෑම තැනක,  ජනාකීර්ණ අවකාශයක ඕනෑම වේලාවක නැවත වරක් ඇතිවිය හැකි බව දන්වා සිටිමි" යනුවෙන් ඔහු පැවසීය.

අනපේක්ෂිත ආසාදන පොකුරු වලට ඉක්මණින් ප්‍රතිචාර දැක්වීමට පූර්ව අත්දැකීම් ඇති බවත් නිවැරදි නිරෝධායන සහ වෛද්‍ය ක්‍රම දකුණු කොරියාව සතුව ඇති බවත් ඔහු පැවසීය.

කොරෝනා වයිරස් රෝගය (COVID-19) පැතිරීම වැළැක්වීම සඳහා වන පියවර ලැයිස්තුවක් සෝල් හි සමාජ ශාලා දොරටුවල දැන් අළවා ඇත.
අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් පසුගිය සතියේ ඉටෙවෝන් හි සමාජ ශාලාවලට ගිය 1,510 දෙනෙකු සොයාගෙන ඔවුන් පරීක්ෂා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා ස්වයං-හුදකලා වන ලෙස KCDC විසින් එම සමාජශාලා සාමාජිකයින්ගෙන් ඉල්ලා ඇත.

[May10, 2020 - Gossiplankanews.com]