හෙට 11 වන සඳදා දින රට විවෘත කිරීම සම්බන්ධයෙන් දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හමුදාපති - ෂවේන්ද්‍ර සිල්වා ඇමතිනී පවිත්‍රා හා වෛද්‍ය ජාසිංහ පළ කළ අදහස්
පහත දැක්වේ.
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා -

ඊයේ (09) දිනයේ වාර්ථා වූ ආසාධිතයින් ප්‍රමාණය 12 ක් වන අතර එයින් 10 දෙනෙකු නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් වේ. එසේම, අනෙක් දෙදෙනා එම රණවිරුවන් සමීපව ඇසුරු කරනු ලැබූ නිරෝධායනය වෙමින් සිටි අයවළුන් වේ. ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආසාධිතයින් 578 දෙනෙකු රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටිනු ඇත. විශේෂයෙන් 259 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

මෙල්බර්න් (Melbourne) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පුද්ගලයින් 274 ක කණ්ඩායමක් අද (10) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී. එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලදී. එසේම, අද (10) දින සන්ද්‍යාවේ ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් තුළම හෙට (11) දිනයේ රාජ්‍ය සහ පුද්ගලික ආයතනයන් යම් සීමාවන් යටතේ විවෘත කිරීමට නියමිතව ඇත. ජනාධිපති කාර්යාලය විසින් ඇඳිරි නීතිය තවදුරටත් පවත්නා ප්‍රදේශ පිළිබඳව අද (10) දින සන්ද්‍යාවේ දැනුම් දීමට නියමිතව ඇත. මීට ප්‍රථම සති වලදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් වෙත 3න් 1ක් වූ අවම පුද්ගලයින් සංඛ්‍යාවක් මඟින් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදය සැලසුම් කරගැනීම සඳහා වූ උපදෙස් ලබාදී ඇත. ඒ අනුව, ආයතන ප්‍රධානීන් ලබාදී ඇති උපදෙස් වලට අනුකූලව හෙට (11) දිනයේ සිට ක්‍රියාකරනු ඇතැයි අපේක්‍ෂා කරනු ඇත. එසේම, සේවකයින් ක්‍රියාකරන ආකාරය, ශාරීරික දුරස්ථභාවය තබාගැනීම, ගමනාගමනය හා සියළුම සෞඛ්‍ය උපදෙස් සබැඳිව දැනුවත් කිරීම් සිදුකර ඇත. මීට ඉහතදී හඳුන්වා දුන් ඇඳිර නීතිය බලපවත්නා ප්‍රදේශයන් තුළ හැඳුනුම්පත උපයෝගී කරගනිමින් ගමන් කළහැකි ක්‍රමවේදයට අනුව අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජනතාව නගර වෙත පැමිණෙතැයි අපේක්‍ෂා කරනු ලබයි. එසේම, මීට ඉහතදී ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබූ දිස්ත්‍රික්ක ඒ අයුරින්ම පවත්වාගෙන යනු ලබයි.

මේ අනුව, හුදෙක්ම ප්‍රවාහන පහසුකම් සපයා ඇත්තේ රැකී රක්‍ෂා සඳහා පැමිණෙන අයවළුන් සඳහා පමණක් වන අතර පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා මෙම ප්‍රවාහන පහසුකම් ලබා නොගන්නා ලෙස ජනතාවට දන්වා සිටිනු ලැබේ.

ශ්‍රී ලාංකීය ජනතාව පසුගිය සති කිහිපය තුළ කොවිඩ් - 19 තුරන් කිරීම සඳහා විශාල කැපකිරීම් ප්‍රමාණයක් සිදු කරන ලදී. එසේම, හෙටින් ආරම්භ කරනු ලබන සතියේ ජනතාවගේ අරමුණ හා වගකීම විය යුත්තේ කොඩිඩ් ආසාදිතයෙක් නොවී සිටීමත් ත්‍රිවිධ හමුදාවට, ශ්‍රී ලංකා පොලීසියට හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ඔහුන්ගේ රාජකාරි කරගෙන යාම සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි.


විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා -

කොවිඩ් - 19 සඳහා වූ සීමාවන් හෙට දිනයේ සිට රජය විසින් යම් ප්‍රමාණයකට නිදහස් කිරීමට නියමිතව ඇත. පූර්ව කොවිඩ් - 19 තුළ අප ජීවත් වූ ආකාරයත් මේ වන විට පූර්ව පශ්චාත් කොවිඩ් - 19 කාලය ගතකරමින් සිටින අතර, ඉදිරියේදී අප ජීවත් විය යුත්තේ කොවිඩ් - 19 පූර්ව කාලය තුළ හැසිරූ ආකාරයෙන් නොවේ. අප සමාජය තුළට ආගන්තුක වූ වචන මෙන්ම ක්‍රියාකාරකම් කිහිපයක් එකතු විය. එසේම, මෙම ලිහිල් කිරීම සිදුකරනවා සේම කොවිඩ් - 19 පැතිරීම පාලනය කිරීමේ ක්‍රියාදාමය සිදුකිරීම අත්‍යවශ්‍ය වේ. මක්නිසාදයත් මෙයින් කිසිසේත්ම කොවිඩ් - 19 ශ්‍රී ලංකාව තුලින් සම්පූර්ණයෙන් තුරන් වූවා යැයි අදහස් නොවේ. මේ සඳහා විශාල කාලයක් ගත වේ. එනිසා මේ කාලය තුළ අප විසින් උගත චර්යාවන් හා ක්‍රමවේද, නීතින්, ප්‍රතිපත්තීන් හා සෞඛ්‍ය උපදෙස් තවදුරටත් ක්‍රියාත්මක වේ. එම නිසා පුද්ගලික අංශ, රාජ්‍ය අංශ, ව්‍යාපාර, ගමනාගමනය සහ අනෙකුත් සියළුම ආයතන වගකීමෙන් යුතුව ක්‍රියාකළ යුතු වේ.

ඉදිරියේදී ඔබ හට කැස්ස, ස්වසන අපහසුතා, උණ හෝ වෛරසය ආශ්‍රීත ඕනෑම මූලික රෝග ලක්‍ෂණයක් වේනම් නොපමාව හුදකලා රෝහල් ලෙස නම්කර ඇති රෝහල් 30 න් රෝහලක් වෙත වාර්ථා කරන ලෙසත්, සෞඛ්‍ය අංශ වෙතින් ලබා දී ඇති නීතීන්ට, ප්‍රතිපත්තීන් හා උපදෙස් වලට අනුකූලව ක්‍රියාකරන මෙන් ඉල්ලා සිටිනු ලැබේ. එසේම, අතිගරු ජනාධිපතිතුමාගේත්, අග්‍රාමාත්‍යතුමාගේත් සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේත් උපදෙස් අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සෞඛ්‍ය අංශ වලින් සිදුකරනු ලබන මෙම ක්‍රියාදාමය ඉදිරියටත් සිදුකරනු ලබයි. 

ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය -

හෙට (11) දින රට විවෘත කිරීමෙන්, රජයේ අරමුණ වනුයේ රටෙහි ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනැංවීමට පුද්ගලික අංශය විවෘත කිරීමත්, ඒ සඳහා වූ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම වේ. එම නිසා සියළුම ජනතාව නගර වෙතට පැමිණීම රජය විසින් අපේක්‍ෂා නොකරයි.

එසේම, පසුගිය දින කිහිපය තුලදී අවධානම් කලාප ලෙස නම්කර ඇති බණ්ඩාරනායකපුර ප්‍රදේශයත්, සුදුවැල්ල ප්‍රදේශයෙනුත් කිසිදු රෝගියෙකු වාර්ථා නොවේ. විශේෂයෙන් පසුගිය සතිය තුලදී ප්‍රජාව තුලින් ආසාධිත රෝගීන් වාර්ථා නොවන අතර වැලිසර නාවික කඳවුරේ නාවික හමුදා සොයුරන් හා ඔහුන් සමීපව ඇසුර කළ අයවළුන් පමණක් ආසාධිතයන් ලෙස වාර්ථා වේ.

එම කරුණු පදනම්ව රජය විසින් හෙට (11) දිනයේ රට විවෘත කරනුයේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා වූ යාන්ත්‍රණය ආරම්භ කිරීම වේ. එම නිසා සියළුම ජනතාව අනවශ්‍ය ලෙස ගමනාගමනයේ නොයෙදිය යුතු වේ. එසේම, නාවික හමුදාවේ සොයුරන් සහ ඔහුන්ගේ පවුල්වල අයවළුන් සහ සමීපව ඇසුර කළ අයවළුන් සියළුම දෙනා නිරෝධායනයට ලක්කර ඇත. ඔබ නිරෝධායනය වූ අයෙකුනම් ඔබගේ වගකීම වනුයේ අදාළ නිරෝධායන ප්‍රතිපත්තීන්ට අනුකූලව ක්‍රියාකිරීමයි.