සුගියදා විදේශයන්හි සිරවී සිටි ලාංකික පිරිස් ලංකාවට පැමිණි පසුව  දින 14 ක් නිරෝධායනයවී නිවෙස්වලට යායුතු බව රජය දන්වා තිබූ අතර මුලින්ම මෙම පිරිස් රජය නම් කළ කඳවුරු වලට පමණක් රැගෙන යන ලදි. ලන්ඩනයේ සිට මෙරටට යානයක් පැමිණි අවස්ථාවේ සිට නොමිලයේ කඳවුරුවලට හෝ තම අතින් වියදම් කර හෝටල්වල
නිරෝධායනය පිණිස යාමට හැකි බව දන්වා තිබුණි.
 නිරෝධායනය පිණිස හෝටල් වෙත යාමේ පහසුකම අනුව එක් අයෙකුට දිනකට රුපියල් 7500 ක මුදලකට හෝටල්වල නතරවීමට හැකි බව දන්වා ඇති නමුත් හෝටල් වෙත ගමන් කළ අය පවසන්නේ එම මිල ගණන් වෙනස් බවයි. කෙනෙකු තනිවම හෝටල් කාමරයක් ලබාගන්නට අදහස් කරන්නේ නම් 7500 කට කිසිවෙකුට ලැබෙන්නේ නැත.


සිට්‍රස් වස්කඩුව ,ජෙට්වින් හෝටල හා මවුන්ට් ලැවිනියා එම මිල දිනකට 12500 කි. ගෝල්ඩ් ෆාමි 11500 කි. හමුදාවට අයත් හෝටලයක් වන ලයා බීච් එම මිල 8500 කි.
මේ හෝටල්වල දෙන්නෙකුට සිටීමට (ෂෙයාරින් බේසිස්) මිල ගණන් සැලකීමේදී සිට්‍රස් වස්කඩුව ,ගෝල්ඩ් ෆාමි  හා මවුන්ට් ලැවිනියා එම මිල දිනකට 15000 කි. ජෙට්වින් හෝටල ඇතැම්වා 17500 කි.  ලයා බීච් එම මිල 13000 කි.

හෝටල්වල පහසුකම් සැලකීමේදී ආහාර ලබාදීම වෙනදා එම හෝටල සිදු කරන ආකාරයට බුෆේ හෝ අ ලා කාර්ටේ සිදු නොවන අතර කෑම පාර්සල් 3 ක් උදේ දවල් හා රාත්‍රී කාමරයට ගෙනත්දීම සිදු කෙරෙන බව වාර්තා විය. ලොන්ඩ්‍රි පහසුකම් හෝ රූම් සර්විස් නැත. නිරෝධායන කාලය තුළ තමන්ටම මාරු කරගැනීමට බෙඩ් ෂීට් 3 ක් කාමරයට ලබාදී තිබේ. ඒසී වයිෆයි තිබේ.

මේ ආකාරයට සැලකීමේදී ෂෙයාරින් බේසිස් කාමරයක දෙන්නෙකු ලැගුම් ගන්නේ නම් පමණක්15000 අගය දෙකින් බෙදා 7500 වියදම නිවැරදි වන්නේය. කෙසේ වෙතත් ෂෙයාරින් කාමර ලබාගන්නේ බොහෝ විට පවුලක් සමග හෝ මිතුරන් සමග රට සිට ආ අවස්ථාවන්හිදීය. තනිව පැමිණෙන අය නාඳුනන අයකු සමග ෂොයාර් කරගෙන කාමර ගන්නේ කලාතුරකිනි. ඔවුන්ට දිනකට 12500 කාමරයකට ගෙවිය යුතු වන අතර දින 14 අවසානයේ වියදම 175000 කි.

හෝටල්වල නිරෝධායනය වීමේ අවස්ථාව විවිධ වුණත් ඒවා වැඩිදෙනෙකු වෙන් කරගෙන ඇති අතර  මේවනවිට ගුවන් මගීන්ගෙන් පිරී ඇත. සිට්‍රස් , ජෙට්වින්ග් හා මවුන්ට් ලැවිනියා හෝටල වල අලුත් අයට දැන් ඉඩත් නැත. සංචාරක ව්‍යාපාරය අඩපණවී ඇති සමයේ හෝටල් වලට මෙමගින් කිසියම් වාසිදායක පරිසරයක් නිර්මාණය කර දී ඇත. මෙම වැඩ පිළිවෙල යටතේ හෝටල්වලට රැගෙන යාම හා ආරක්ෂාව ලබාදීම ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබයි.
[May15, 2020 - Gossiplankanews.com]