[Trending][btop]
[News][stack]

ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් අතර නාවික පවුලක මාස එකහමාරේ බිළිදෙකුත්‍

කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 925ක් දක්වා ඉහල ගොස් ඇත.
ඊයේ (14) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 10ක් වන අතර හමුදාපති ලුතිනන්
ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

ප්‍රකාශ කර සිටියේ එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 08 දෙනෙක් නාවික හමුදා සෙබළුන් වන බවත් සෙසු දෙදෙනා ඔවුන්ගේ පවුල්වල ආශ්‍රිතයින් වන බවත්ය.
එලෙස වාර්තා වූ ආශ්‍රිතයින් දෙදෙනා ගෙන් එක් අයෙකු වයස මාස එකහමාරක් පමණ වන කුඩා බිළිඳෙකු බවද ඔහු පැවසුවේය.