රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  පවසා ඇත්තේ
විදෙස්ගතව අධ්‍යාපනය ලබන තම දියණියව පෞද්ගලික මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු අනුග්‍රහය දැක්වූ
ගුවන් යානයකින් නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බවට සමාජජාල තුළ පළවෙන පුවත් අසත්‍ය බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන්ගේ දියණියට නැවත මෙරටට පැමිණිම ගැන අදහසක් නොතිබුණු බවයි.
 තමන්ගේ දියණිය වෛද්‍ය ශිෂ්‍යාවක් වන බවත් ඇයගේ විභාග කටයුතු අවසන් වෙනතුරු නැවත පැමිණිමට අවශ්‍ය නොවන බව  ඇය ප්‍රකාශ කර තිබූ බවත් ඔහු කියයි.
තමන්ගේ දියණිය මෙරටට පැමිණි බවට පළවෙන සියලු පුවත් අසත්‍ය බවද ඔහු කීය.