ශ්‍රී ලංකාවේ වයස්ගතම කොරොන වයිරස් ආසාදිතයා වූ 94 හැවිරිදි ෆාතිමා නමැති කාන්තාව සුවය ලබා අයිඩීඑච් රෝහලෙන් පසුගියදා පිටව යාම විශේෂ සිද්ධියක් විය.
වැලිකන්ද රෝහලේදී කොරෝනා ආසාදිත බවට හඳුනාගත් ඇය
බේරුවල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ආසාදනය තහවුරු වීමෙන් පසු

අයිඩීඑච් වෙත මාරු කර එවූ ඇය පුරා මාසයකට වැඩි කාලයක් එහි ප්‍රතිකාර ලැබුවාය.

ඇගේ රෝගී තත්වය මත පාචනයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා ඒ වෙනුවෙන් ඇයට ප්‍රතිකාර අවශ්‍යවී තිබුණි. කොරෝනා රෝගය වයස්ගත අය සඳහා දැඩි අවදානමක් පවතින බවට දත්ත වාර්තා තිබුණත් අයිඩීඑච් කාර්ය මණ්ඩලයේ කැපවීම මත ඇය ඉක්මණ් සුවය අත්කරගන්නට සමත් වූවාය.

 ඇය රෝහලෙන් පිටව යන විට සෞඛ්‍ය සේවකයින් ඇයට මල් පිරිනමා සතුටු කර තිබුණි.