රට තුළ දැනට පවතින තත්ත්වය හමුවේ ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක්
නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙයි.
ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම අද 3 වන දිනයටත් සිදුවන අවස්ථාවේදියි.
මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවතින තත්ත්වය හමුවේ ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බවට නිරීක්ෂණය කර ඇතැයි   මෙම දැනුම් දීම සිදුකළේය.