ලකට පසු කොළඹ නගරයේ ඇඳිරි නීතිය අතරේ රාජකාරී ඇරඹීමත් සමග මාර්ග වල වාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා විය. රාජකාරී සඳහා ගමන් කරන අවසරය මත ගමන් කරන පුද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ වැඩිදෙනා සිය පුද්ගලික කාර් රථ වලින්
ගමන් කිරීම වැඩිවී ඇතැයිද වාර්තා විය.

අද දිනයේ මාර්ගයේ ගමන් ගන්නා බස් රථ ප්‍රමාණය විශාල වශයෙන් අඩුවී පැවති අතර මාර්ග රැසක මේ වාහන තදබදය මතුකර ඇත්තේ පුද්ගලික වාහන වැඩිවීමෙනි.

ඇතැම් මං සන්ධිවල වාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන්ද සේවයේ යෙදී සිටින බව නිරීක්ෂණය වී තිබේ. පොලිසිය වාහන වල ගමන් කරන අය සියලු දෙනා පරීක්ෂා කරන ආකාරයක් පෙනී යන්නේ නැති අතර අහඹු ලෙස තෝරාගන්නා වාහන පමණක් පරීක්ෂා කරනු වාර්තා විය.

අද දින අධිවේගී මාර්ගද විවෘත කර තිබෙන අතර අධිවේගී මාර්ග භාවිතයේදී නම් පොලිස් පරීක්ෂා දැඩි ලෙස සිදුකිරීමෙන් පසු අවසර ලැබෙන වාහනවලට පමණක් ඇතුළු කිරීම සිදුවන ආකාරය වාර්තා විය.
මේ අතර දුම්රියේ ගමන් කරන මගීන් විශාල වශයෙන් අඩුවී ඇති අතර ඇඳිරිනීතිය අලුයම 5.00ට ලිහිල් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් එක් අයකු පමණක් අද දුම්රියෙන් ගමන් කිරීමට පැමිණ තිබූ බව ප්‍රාදේශීය වාර්තාකරුවන් දන්වා තිබුණි.මීරිගම දුම්රිය ස්ථානයේ සිට සේවා ස්ථාන සඳහා යාමට මගින් 84 දෙනකුට පහසුකම් සලසා තිබුණා ද එයින් 49 ක් පමණ දෙනා පැමිණ සිටියේ නැත.
මගින් 35 දෙනෙකු නියමිත පරිදි අවසර පත්‍ර ලබා ආ බව වාර්තා කර තිබේ.

කොළඹ හා පිට පළාත් අද ප්‍රවාහන තත්වය - බස් දුම්රිය හා අධිවේග මාර්ග (video)