මේ වනවිට දරුණු ලෙස කොරෝනා වසංගතයට ගොදුරුවී සිටින දකුණු ඇමරිකානු රටක් වන බ්‍රසීලය එම තත්වයට පත්වන්නට හේතුවී ඇත්තේ ජනපතිවරයාගේ දුර්වල ක්‍රියා විලාසය බවට විවේචන එල්ලවී තිබේ.
 ද ලැන්සෙට් නමැති ප්‍රමුඛ පෙළේ වෛද්‍ය සඟරාවක් විසින් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විස්තර කර ඇත්තේ කොරොන වයිරස් වසංගතයට එරෙහිව සටන් කිරීමට බ්‍රසීලයට ඇති "විශාලතම බාධාව” ලෙසයි.
බොල්සොනාරෝ විසින් අගුලු දැමීමේ පියවර නිසි වේලාවට සිදු නොකර නොසලකා හැරීම බ්‍රසීලය පුරා ව්‍යාකූලත්වයක් ඇති කර තිබුණි. සිකුරාදා බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව තහවුරු කරන ලද
කොරෝනා වයිරස් රෝගීන් 10,222 ක් සහ ඒ හා සම්බන්ධ මරණ 751 ක් වාර්තා කර තිබුණි. රට තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 145,328 ක් දක්වාත්, මරණ 9,897 ක් දක්වාත් වාර්තා වී තිබේ.

වසංගතය මැඩපැවැත්වීමේ ක්‍රියාමාර්ග ගන්නා අතරේ සෞඛ්‍ය අමාත්‍ය ලුයිස් හෙන්රික් මැන්ඩෙටා මහතා පසුගිය මාසයේ සේවයෙන් නෙරපා ඇති අතර රටේ දේශපාලන අර්බුද මතුකරමින් අධිකරණ අමාත්‍ය සර්ජියෝ මොරෝගේ ඉල්ලා අස්වීමද සිදුවිය. බොල්සෝනාරෝ දේශපාලන අර්බුදයක් ගැන කල්පණා කරනවා විනා රටේ සෞඛ්‍ය ගැටලුව අමතක කර ඇති බව විවේචනය වී ඇත.


"මෙම ගැටලුවට විසඳුම් සොයාගන්නේ කෙසේද අභියෝගය අවසානයේ දේශපාලනිකය, සමස්තයක් ලෙස බ්‍රසීල සමාජය එක්කාසු කළ හැකි නායකයෙකු නැතිවීම අතිමහත් විපතකට රට ඇද හෙළා ඇත' එම සඟරාවේ විස්තර කර තිබේ.

කොරොන වයිරසයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව පිළිබඳව පසුගිය සතියේ මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ කියා තිබේ: "ඉතින් මොකක්ද ප්‍රශ්නෙ? මට ඒ ගැන කණගාටුයි, නමුත් මා කුමක් කරන්නද?"
මේ අතරවාරයේ අනතුර ගැන කිසිදු වගක් නැතිව අමනෝඥ ප්‍රකාශ සිදු කරන ස්වරූපයක්ද ජනපතිවරයා කෙරෙන් දිස්වේ.

සිකුරාදා ජනාධිපතිවරයා කියා සිටියේ බාබකියු සඳහා මිතුරන් 30 දෙනෙකු ජනාධිපති මන්දිරයට කැඳවාගෙන යාමට සැලසුම් කර ඇති බවයි. පසු දින ඔහු විහිළුවට ලක් කළේ දේශපාලන ආධාරකරුවන් සහ පුවත්පත් සාමාජිකයින් ඇතුළු තවත් දහස් ගණනකට තමාට ආරාධනය කළ හැකි බවයි.

කොරෝනා වයිරසය “කුඩා උණක්” ලෙස දිගටම හඳුන්වා තිබූ ජනපතිවරයා මුහුණු ආවරණයක් නොමැතිව ආධාරකරුවන් සමඟ කටයුතු කළ  අතර ඔහු තර්ක කර ඇත්තේ, අගුලු දැමීමේ පියවරයන් අනුගමනය කළානම් ආර්ථික බිඳවැටීම වෛරසයට වඩා මාරාන්තික වනු ඇති බවයි.

එන්න එන්නම ආසාදන හා මරණ සංඛ්‍යාව වැඩිවෙමින් තිබියදීත්, ආණ්ඩුකාරවරුන් විසින් සිදුකරන ලද භෞතික දුරස්ථ ක්‍රියාමාර්ග නොසලකා හැරීමටත්, නැවත සේවයට පැමිණෙන්නට හා විශාල රැස්වීම්වලට සහභාගී වන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබීම ගැටලුකාරී වී තිබේ.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විසින් සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ  “වසංගතය තවමත් පාලනය කර නොමැති බ්‍රසීලය මෙලෙස කටයුතු කළොත් එය දිගටම වර්ධනය වනු ඇති” බවයි. බ්‍රසීලය මුහුණ දෙන දරුණුම අභියෝගය වන්නේ බ්‍රසීල ජාතිකයන් මිලියන 13 ක් පමණ ජීවත් වන පැල්පත් සහිත නගරවල මෙය පැතිරීම පාලනය අපහසු අඩියකට පත්ව ඇති නිසාය.

වෛරසය පැතිරීමට පෙර සිටම රටේ ආදිවාසී ජනතාවද “දැඩි තර්ජනයට” ලක්ව තිබුනේ රජය විසින් ඇමේසන් වැසි වනාන්තරයට නීති විරෝධී පතල් කැණීම් හා දැව කැපීම් ගැන සලකා නොබැලූ නිසාය.

[May08, 2020 - Gossiplankanews.com]