[Trending][btop]
[News][stack]

🔥 9 වන කොරෝනා මරණය - මෝදර තට්ටු නිවසක කාන්තාවක්

4.00pm
කොරෝනා ආසාදනය වීමෙන් මියගිය මෙරට 09 වැන්නා වූ කාන්තාව, මසක පමණ කාලයක් රෝගී වී නිවසේ රැඳී සිට ඇති බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කර තිබේ. දින දෙකකට පෙර ඇයගේ රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර
ඇති අතර එහිදී සිදුකල පරීක්ෂාවන්වලදී ඇයට කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු වීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත යොමුකර සිටියදී අද දහවල් ඇය  ජීවිතක්ෂයට පත්ව ඇත.
2.50pm
මියගොස් ඇති කාන්තාව අද (5) දිනයේ කොරෝනා ආසාදනය වී ඇති බව දැනගෙන අද දිනයේම මරණයට පත්වූ තැනැත්තියක බව වාර්තාවේ.
ඇය කොළඹ මෝදර ප්‍රදේශයේ තට්ටු නිවාසයක පදිංචිව සිටි කාන්තාවකි. වයස 52 ක්වූ ඇය කොරෝනා ආසාදනය වී ඇති බවට අද සිදු කළ පීසීආර් පරීක්ෂණයකින්
තහවුරුවී ඇත්තේ අසාධ්‍ය තත්වයේ සිටියදීය. පැය කිහිපයකට පසු ඇය මරණයට පත්විය.කාන්තාව ඇසුරු කළ 15 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

2.25pm
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන 9 වන කොරෝනා ආසාදිත මරණය අද දින
සිදුවූ බව වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනය කළේය. අයිඩීඑච් රෝහලේදී මියගිය මෙම රෝගියා කාන්තාවක බවත් වයස 52 ක් බවත් කොළඹ 15 පදිංචිකාරියක බවත් විස්තර කර ඇත.
[May05, 2020 - Gossiplankanews.com]