කොළඹ – මෝදර – මහල් නිවාස සංකීර්ණයකින් සහ කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු අද දින සොයාගත් අතර එකී කාන්තාව පසුව කොරෝනා නිසා මියගියාය.

කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයා පිරිමි පුද්ගලයෙකු බව වාර්තා විය.
කොළඹ මහ නගර සභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි කියා සිටියේ මෝදර ප්‍රදේශයෙන් හමුවූ කාන්තාව ඇසුරු කළ 15 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කරන ඇති බවයි.
මීට ඉහත සිංහල අවුරුදු දිනවල අප්‍රේල් 14 වනදා ජා ඇල සුදුවැල්ලේ මත්කුඩු තරුණයින් ඇසුරු කළ මේ ප්‍රදේශ ආසන්නයේ මට්ටක්කුලිය පිරිසක් නිරෝධායනයට ලක්කිරීමක් සිදුවූ නමුත් එම පිරිස අතර ආසාදිතයින් එක් අයෙකු පමණක් හමුවිය.එම අනෙක් පිරිස මන්නාරමේදී නිරෝදායනයට යොමු විය.
අද දින සාලමුල්ලෙන් හා මෝදරින් ආසාදිතයින් වාර්තාවීමෙන් පසු සාලමුල්ලේ 26 ක් හා මෝදර 15 ක් එකතුව 41 වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇත.