රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙහි පදිංචි තරුණයෙකුට කොරෝනා ආසාදනයවී තිබීමෙන්
පසු ඔහු හා සම්බන්දිත 30 දෙනෙකු නිරෝදායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තාවේ.
ත්‍රීරෝද රථ රියදුරෙකු වන ඔහු  රාජගිරිය මැක්ඩොනල්ඩ්
අවන්හල අසළ වැඩි වශයෙන්
තම රථය තබාගෙන ගැවසෙන ත්‍රීරෝද රියදුරෙකි.ඔහුගේ වැඩිමහල් සොයුරෙකු මත්ද්‍රව්‍යට හුරුවී සිටින බවද ඒ ඔස්සේ බෝවුණාදැයි සැකයක්ද මතුව ඇත.
පසුගිය මැයි පළමුවන දින ඇඳිරිය අතර නිතියට අනුකූල නැතිව සාදයක් ද පවත්වා ඇති බවද එයට තරුණයින් පිරිසක් එක්ව සිටි බවද ඔහු පිළිබඳ පරීක්ෂණවලදී ප්‍රදේශවාසීන් අනාවරණය කර තිබේ.
මේවන විට ඔහුගේ නිවස තුළ සිටි අය සහ ඇසුරු කළ තවත් නිවාස 4ක් ඇතුළු 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කර ඇති අතර එම තරුණ පිරිස කන්දකාඩු වෙත යවා ඇත. යුද හමුදාව ප්‍රදේශයේ ජනජීවිතය සුරක්ෂිත කිරීමට පියවර ගනිමින් සිටී.