විදේශයන්හි සිට මෙරටට යළි පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හට තම නිරෝධායන කාලය හෝටල් තුල ගත කිරීමේ පහසුකම රජය විසින් සලසා ඇත.
අදාල ගාස්තු ගෙවීම මගින් නිරෝධායනය වීම සඳහා
හෝටල් පහසුකම් සැලසිය හැකි බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

” තමන්ගේ නිරෝධායන වියදම් තමන්ට දරාගත හැකි බව ඇතැම් අය අපිට දැනුම් දීලා තියෙනවා. ඒ වගේ අයට හෝටල් කාමර පහසුකම් සපයා දෙන්න පුළුවන් කමක් තියෙනවා. හෝටල් කාමරයක සාමාන්‍ය මිල වගේ භාගයකටත් අඩු මිලකට අප වෙත ලබා දෙන්න පුළුවන් බව ඇතැම් හෝටල් කළමණාකාරීත්වයන් දැනටමත් දැනුම් දීලා තියෙනවා” යැයි එතුමා කියා සිටියි.

ආහාර පාන සමඟ දිනකට රු 20,000-40,000 අතර මිලකට ලබා දෙන කෝටල් කාමර පහසුකම් 7,500ක් වැනි මුදලකට ලබාදීමට හැකි බව හෝටල් හිමියන් දැනුම් දී ඇති බව හමුදාපතිවරයා පවසනවා. මේ හරහා හෝටල් හොමියන්හට ලාභ නොලැබෙන බවත් මේ අවස්ථාවේදී ඔවුන් රටට සේවාවක් සපයන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

තමන් නිරෝධායනය වන්නේ මෙසේ හෝටල් කාමරයක් තුලද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් තුලද යන්න තීරණය කිරීම නිරෝධායනය වන්නන්ගේ අයිතියක් බව හමුදාපතිවරයා පවසයි.

ඔනෑම සංඛ්‍යාවක ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් නිරෝධායන මධ්‍යස්ථාන වලට භාරගැනීමට රටේ ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටින බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.