කොරෝනා ආසාදිත කාන්තාවක අද දින මරණයට පත් වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයක රැඳි සිටි 51 හැවිරිදි කන්තාවක මෙලෙස
ජීවිතක්ෂයට පත් වි ඇති අතර ඈ වෛරසය ආසාදිත රෝගියෙකු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර සිටියේය.

ඒ අනුව මෙරටින් කොරෝනා ආසාධිත වූ 10 වන මරණයයි.අද (25) අලුයම හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්වු බව කියන
අදාළ කාන්තාව හෘද රෝගයෙන් පෙළුණු තැනැත්තියක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.
එම කාන්තාවගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඇය කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙයි.
මරණයට පත්ව ඇති කාන්තාවගේ ගම කළුතර පයාගල බවද වාර්තා විය.
ඇය ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටියදී අද පෙරවරුවේ හදිසියේ රෝගාතුරවු අතර යුධ හමුදාව විසින් රෝහලට රැගෙන යද්දි මිය ගොස් තිබුණි.