සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට සිට පොලිසියට බලය පවරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් චක්‍රලේකයක්
නිකුත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

අත්‍යාවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයෑමට හැකිතාක් මහජනතාව කටයුතු කළ යුතු බවත් අන් සියලු දෙයට වඩා සමාජ දුරස්ථභාවයට මුල් තැන දී කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් අජිත් රෝහන මහතා පවසනවා.

එසේ නොකරන පුද්ගලයින්ට නිරෝධායන නීතින් යටතේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත විශේෂ නියෝගයක් ලබා දී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මේ අනුව ඇඳිරි නීතිය හෙට සිට ලිහිල් කෙරුණද, මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කර තිබේ