සිසු සිසුවියන් දහ දෙනකු සහභාගී කරගෙන අනුරාධපුර, පුබුදුපුර ප්‍රදේශයේ නීවසක පැවත්වූ උපකාරක පන්තියක් ඊයේ (23 වැනිදා ) දහවල් වැටලු අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය බලධාරිහු උපකාරක පන්තිය පැවැත්වූ ගුරුවරයා
හා එම නිවසේ අයිතිකාරිය අත්අඩංගුවට ගත්හ.
2021 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත සිසු
සිසුවියත් දහදෙනකු වෙනුවෙන් රසායන විද්‍යාව විෂය සඳහා මෙම උපකාරක පන්තිය පවත්වා තිබිණි.මෙම මේ දිනවල උපකාරක පන්ති පැවැත්වීම රජය මගින් තහනම් කර තිබියදී, එම තහනම නොතකා උපකාරක පන්තිය පැවැත්වීම ගැන උපකාරක පන්තිය පැවැත්වූ ගුරුවරයාට හා ඊට ඉඩදීම ගැන නිවසේ අයිතිකාරියට එරෙහිව නීතිමය පියවරගන්නා බව වැටලීමට සහභාගි වූ අනුරාධපුර මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මාධව පෙරේරා මහතා පැවැසීය. අත්ඩංගුවට ගත් ගුරුවරයාත් කාන්තාවත් ඊයේ (23 වැනිදා) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

(අතුල බණ්ඩාර සහ අනුරාධපුර බී.පී. චතුරංග)