කොරෝනා වෛරස වසංගත හේතුවෙන් සමස්ත ලෝකයම මේ වන විට විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටියි. බොහෝ රටවල් වලට මෙමගින් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයන් කියා නිමකල නොහැක.
මෙවන් අවස්ථාවක ආර්ථික දුෂ්කරතාවයන්ට මෙන්ම සමාජයීය දුෂ්කරතාවයන්ට ද මුහුණදීමට සියලු දෙනාට සිදුවී ඇතත් ඒ සියලු අභියෝගයක් ජය ගැනීමට මෙතෙක් කිසිවකුට හැකිවී නොමැත.


ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල නව කොරෝනා වෛරස රෝගීන් වැඩි වශයෙන් හමුවීමත් සමඟ ඔවුන් උග්‍ර අපහසුතා රැසකට මුහුණ දෙමින් සිටියි.  එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ද මෙම වෛරසය පැතිරීම හේතුවෙන් විශාල අසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වීම තිබීමත් සමග සමස්ත ලෝකයේ වැඩිම  ආසාදිත සංඛ්‍යාවක් ජීවත්වන රට බවට  ඇමරිකා එක්සත් ජනපදය නම්කර තිබේ. ඇමරිකානු සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේද මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩකඩ ඇති බවයි.  ප්‍රතිශක්තිකරණ හා ශ්වසන රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය නැන්සි මෙසෝනියර් පවසන පරිදි මෙරට ජනතාවට මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් තවදුරටත් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවේ.

එසේම ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික කඩාවැටීම දැනටමත් සැලකිය යුතු මට්ටමක පවතින අතර ගුවන් සමාගම් මෙන්ම නිෂ්පාදන සමාගම් ද දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.  මෙම අර්බුදය ගෝලීය වෙලඳපොලවල් අවුල් කරමින් සිටින අතර ඩොලර් ට්‍රිලියන 1 කට වඩා ආර්ථික හානියක් සිදුවිය හැකි බව  මේ වන විටත් වාර්තාවී තිබේ.

මෙම වෛරසය හේතුවෙන් මෙම පැහැදිලි බලපෑම්වලට අමතරව තවත් බොහෝ බලපෑම් වලටද මුහුණ දීමට සිදුව තිබේ. එසේ මුහුණ දීමට සිදු වන බලපෑම් කිහිපයක් පිළිබඳව අපි මෙසේ අනාවරණය කරන්නෙමු.

පසුගිය අවුරුදු වලට සාපේක්ෂව 2020 පෙබරවාරි 3 සිට පෙබරවාරි 23 දක්වා චීන කාබන් විමෝචනය පහත වැටී තිබේ. මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති ඉතා යහපත් බලපෑමක් ලෙස මෙය හදුන්වාදිය හැක. ලෝක පරිසර සංවිධානය පවසන පරිදි ද මෙය ඉතා හොඳ ප්‍රවණතාවයකි.


එමෙන්ම ජනවාරි පළවනදා සිට Zoom Video Communications හි ආරම්භක කොටස් මිලෙහි වෙනසක් දැකීමට හැකි වී තිබේ. මෙම වසංගතය හමුවේ කාර්යාලීය වැඩ නිවසේ සිට කිරීමට බොහෝ රජයන් විසින් නිවේදනය කර තිබේ. මේත් සමගම වැඩි සේවකයින් පිරිසක් නිවසේ සිට වැඩ කරීමට පෙළඹී ඇත. මේ හේතුවෙන් දුරකථන සන්නිවේදන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුමද විශාල වශයන් ඉහළ ගොස් තිබේ.

කොකාකෝලාහි විශාලතම වෙළඳපොලක් ලෙස චීනය ශ්‍රේණිගත කෙරේ.  එමෙන්ම මෙම වෛරසය හේතුවෙන් කොටසක ඉපයුම අඩු කරනු ඇතැයි එම සමාගම අපේක්ෂා කර ඇත. මෙයද මෙම වෛරසය හේතුවෙන් සිදුව ඇති වක්‍ර බලපෑමක් ලෙස අපට හඳුන්වා දිය හැක.

මේ වන විට කොරෝනා වෛරසය මුළු ලෝකයටම බරපතල තර්ජනයක් වී ඇත. එසේම එය මේ අවස්ථාව වනවිට පූර්ව වසංගත තත්ත්වයක් බවට ද පරිවර්තනය වී තිබේ. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ගෝලීය වසංගතයක් බවට ද නම්කර තිබේ.

මෙම නව කොරෝනා වෛරසයේ තවත් බලපෑමක් ලෙස චීනයේ මෙතෙක් ජනප්‍රියව පැවති ප්‍රධාන ක්‍රීඩා පහ වෙනස් වී තිබේ. වෛරසය මැඩපැවැත්වීම සදහා බොහෝ රජයන් තමන්ගේ ජනතාව නිවෙස් තුළ රඳවා තබාගැනීමට උත්සහ කරන අවස්ථාවක වීඩියෝ ක්‍රීඩා (Video game) කිරීමට වැඩි පිරිසක් මේ අවස්ථාව වන විට පෙළඹී සිටියි. මේ හේතුවෙන් Video game සඳහා බොහෝ දෙනෙක් ඇබ්බැහි වීමට තිබෙන ඉඩකඩ ඉතා ප්‍රබලය. එබැවින් මෙයද කොරෝනා වෛරසයේ ප්‍රබල බලපෑමක් ලෙස හදුන්වාදිය හැක. එමෙන්ම ජනවාරි පළමු වෙනිදා සිට පෙබරවාරි 24 දක්වා කාලය තුළ ලෝකයේ ශුද්ධ මිල වටිනාකම්ද පහත වැටී තිබේ. මෙයද මෙම නව කොරෝනා වෛරසයේ ප්‍රබල බලපෑමකි.

කෙසේ වෙතත් මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා ජනතාව විශාල දුෂ්කරතාවන්ට නිරාවරණය වීමත් සමඟ මෙවැනි බලපෑම් විශාල ප්‍රමාණයකට මුහුණදීමටද ඔවුන්ට සිදුවී තිබේ. එබැවින් ලෝකවාසි සියලු දෙනාගේ යුතුකම වන්නේ මෙම නව කොරෝනා වෛරස මාරයා ඉක්මනින් පරාජය කිරීමට තම උපරිම දායකත්වය ලබාදීමයි.
(රිෂ්මි ඉෂාරා)