හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජාතික බලවේගයේ
ටෙලිෆෝනය ලකුණන් නාමයෝජනා පවා ලබා දී තිබෙන 15 දෙනෙකුට ආසන්න පිරිසක් යළි තමන් කලින් මන්ත්‍රී ධූර දැරූ එජාපය හා එක්ව ඉදිරි දේශපාලනය සිදු කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තාවේ.


නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීමට ඉල්ලීම් කර තිබෙන හිටපු ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග මුලික වටයේ සාකච්ඡා පැවැත්වීමට හිටපු ඇමතිවරුන් වන අර්ජුන රණතුංග, රවි කරුණානායක, නවින් දිසානායක, වජිර අබේවර්ධන සහ දයා ගමගේ මහත්වරුන් වෙත පවරා ඇතැයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියයි.
ටෙලිෆෝනය ලකුණෙන් තරග කිරීමට ගොස් කලකිරී ඇති මේ අය යළි බඳවා ගැනීමට ඇති හැකියාව සෙවීම පිණිස මෙම කණ්ඩායම නම් කරනු ලැබුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
මන්ත්‍රීන්වරුන්ගේ සංඛ්‍යාව පෙරේදා (22) වනවිට 15ක් වූ අතර ඊයේ තවත් හිටපු මන්ත්‍රීවරයකු යළි පක්ෂයට එක්වීම සඳහා සාකච්ඡා ඇරඹු බව එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය. සාකච්ඡා වට දෙකක් පැවැත්වීමෙන් පසුව ඔවුන් කෙළින්ම පක්ස නායක්කත්වය වෙත යොමු කිරීමට නියමිතය.