2.45pm
මෙම පුද්ගලයාගේ ආදාහන කටයුතු අවසානයේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු විය. විස්තර හා ඡායාරූප මෙතැනින්
1.45pm
  යේ රාත්‍රියේ සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මරණයට පෙර හා පසු සිදුවීම් ගණනාවක් ගැන තොරතුරු මේ වනවිට වාර්තාවී තිබේ. මියගිය අයගේ අවසන් කටයුතු වලට සුසාන භූමි දෙකක ප්‍රදේශවාසීන්ගේ විරෝධතා පැනනැගීමේ සිදුවීම්ද
වාර්තාවේ.
මරදානේ ආර්නොල්ඩ් රත්නායක මාවතට යාවූ  ඉමාමුල් අරුස් මාවතේ තට්ටු නිවාසයක පදිචිව සිටි මියගිය පුද්ගලයාට කොරෝනා රෝගය ධනාත්මකවූ අවසන් මොහොතේ අයිඩීඑච් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණි.
ඒ අනුව අයිඩීඑච් රෝහලට ආසන්න සුසාන භූමි දෙක වන මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමිය හෝ
කොටිකාවත්ත සුසාන භූමියේදී අවසන් කටයුතු කරන්නට සූදානමක් තිබුණි. මුස්ලිම් ජාතිකයෙකුවූ නිසා ඔහුට ආගමානුකූලව වැළලීමට අවසර දිය හැකිවූයේ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසිවලට යටත්වයි. එහිදී අඩි 8 කට වැඩි ගැඹුරක් යුතු වළක එය සිදු කළ යුතුවන්නේ විෂබීජ පිටතට ඒම වැළැක්වීමටය.

මියගිය අය ආදාහනය කරන්නේ නම් මින් පෙර දෙන්නාට සිදු කළයුතු ආකාරයට ආරක්ෂිත ක්‍රමවේදයක් මත එය සිදු කළයුතුව තිබුණි.

එහෙත් උඩුමුල්ල සුසාන භූමියේ මෙන්ම කොටිකාවත්ත සුසාන භූමියේද මෙම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රදේශවාසීන් අකමැත්ත පළකර තිබෙයි. අවසන් කටයුතු කරන්නට දේහය රැගෙන යනවිට ප්‍රදේශ වාසීන් මැදිහත්වී සුසාන භූමිවල ගේට්ටු වසා දමා තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවට ලක්වු බවද වාර්තාවේ.‍

කොරෝනා රෝගියෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉහත ආකාරයට සිදු කිරීම මඟින් රෝගය බෝ වන්නේ නැති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී ඇත.
මියගිය 72 හැවිරිදි පුද්ගලයාට දියවැඩියාව, අධික රුධිර පීඩනය , දීර්ඝ කාලීන වකුගඩු අඩපන වීම ආදී රෝග තිබූ අතර ඔහුට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ එම නිවසේ වාසය කරන විදේශ වන්දනාගමනක ගොස් පැමිණි බෑනාගෙන් බවට විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් ඔහු බෑනා රට ගොස් ආ බව ප්‍රතිකාර ගන්නට ගිය සෑම අවස්ථාවකම සගවා තිබේ. මීට දින 10 කට පෙර ඔහුගේ නිවසට ආසන්නයේම තිබෙන කොළඹ ජාතික රෝහලෙන්ද ඔහු ප්‍රතිකාර ලබා ඇති බව දැන් හෙළිව තිබෙන අතර ඊට පසු නිවසට ආසන්න ඩිස්පැන්සරියකින්ද ප්‍රතිකාර ලබාගෙන ඇත. මියගිය දිනයේ ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගිය පසු කොරෝනා පරීක්ෂණය සඳහා යොමු කරන ලද අතර ඒ වනවිට ඔහු දැඩි අසාධ්‍ය තත්වයට පත්ව සිටි බව කියැවේ. ඔහු අයිඩීඑච් රෝහලට මාරු කරද්දී මියගියේය.

ඔහුට රෝගය වැළඳෙන්නට ඇත්තේ බෑනාගෙනි.

විදේශගත වන්දනාවක නිරතව සිටි බෑනා පසුගිය පෙබරවාරි මාසයේ 28 වනදා ලංකාවට පැමිණ ඇති අතර අනතුරුව රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය නරඹන්නට ගොස් තිබෙන බවද කියැවේ.
ඊයේ මියගිය තැනැත්තා කොරෝනා ආසාදිතයෙකු බව දැනගත් පසු මේ කියන බෑනා හා ඔහුගේ බිරියත් දරු දෙන්නාත් කොරෝනා පරීක්ෂණය සඳහා රෝහල් ගත කර ඇත.

රෝහල් ගත කරන්නට ඔවුන් ගිලන් රථයකින් රැගෙන යන අවස්ථාව නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ සිටි අය වීඩියෝ ගත කර තිබුණි.
 රෝගියා ජීවත්වූ මරදාන ඉමාමුල් අරුස්මාවත මේ වන විට වසා දමා තිබෙයි. ප්‍රදේශයේ පවුල් 230ක 819 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ දන්වා ඇත.