Load more news >>

Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

පසුගියදා කළුබෝවිල දකුණු කොළඹ රෝහලේදී වැලඳී ඇති රෝගය පිළිබඳව වසන්කරමින් සිටියදී කොරෝනා ආසාදිත බවට හඳනාගත් සංචාරක මඟ පෙන්වන්න පුද්ගලයාගේ පවුලේ අයටද කොරෝනා රෝගය වැළඳී ඇති බව අද සොයාගෙන තිබේ.
දෙහිවල, නැදිමාල, රබර්වත්ත පාර, අරුණාලෝක මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පුද්ගලයාට

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සංචාරකයන් ඇසුරුකිරීමෙන් මෙම වයිරසය බෝවන්නට ඇතැයි සැක පළවී තිබුණි. මොහුට රෝගය වැළඳණ පසු පවුලේ අය පරීක්ෂා කෙරුණ අතර  පුද්ගලයාගේ බිරියට සහ බෑනාටත් කොවිඩ් _ 19 වැලඳී ඇතැයි හඳුනාගෙන තිබෙයි.
එම දෙදෙනාද අංගොඩ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ බව දෙහිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.
නැදිමාල නිවෙසේ එම රෝගියාගේ බිරිය සහ දුවත්, පුතාත්, දුවගේ සැමියාත් පදිංචිව සිට ඇත.
 බවත් පියා සංචාරක මඟ පෙන්වන්නකු බැවින් විදෙස්ගතව සිටින තම පුත්‍රයාගේ හිතවත් ඕස්ට්‍රේලියාවේ පදිංචි යුවළක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටියදී අත්තිඩිය, පැරකුම්බා මාවත ප්‍රදේශයේ පිහිටි රෝගීවූ පුද්ගලයාගේ පුතාට අයත් නිවෙසක මාර්තු 14 වැනි දින සිට නවාතැන් ගෙන සිට ඇති බවත් වාර්තා විය.
විටින් විට දෙහිවල, නැදිමාල, රත්මලාන, කරගම්පිටිය වැනි ප්‍රදේශයන් කරා ගමන් කර ඇති බවත් නැදිමාලේ පදිංචි නෑ හිතමිතුරන් පිරිසක් සමඟ කරගම්පිටිය ප්‍රදේශයේ පිහිටි ස්ථානයක සංග්‍රහයක් සඳහා ද සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සැලවීමත් සමඟ දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නිලධාරීන් විසින් මෙම රෝගීන් හඳුනාගත් නැදිමාල අරුණාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි නිවෙස මුද්‍රා තබා සියලුම ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් එම නිවෙස හා ඒ අවට විසබීජානුහරණය කළබවත් එම නිවෙසේ පදිංචිව සිටි වයිරසය ආසාදිත පුද්ගලයාගේ දියණිය සහ පුතා දින 14ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බවත් දෙහිවල පොලිසිය සඳහන් කළේය.









Load more news >>

Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Latest Side News


Load more news >>

clearnews.lk

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter