කොරෝනා රේගය වැළඳීමෙන් ඊයේ  මියගිය මරදානේ 72 හැවිරිදි පුද්ගලයාගේ දේහය, කොටිකාවත්ත මුල්ලේරියාව සුසාන භූමියේදී ආදාහනය කර තිබේ.

එම අවස්ථාවෙට එම පුද්ගලයාගේ ඥාතීන් දෙන්නෙකුද එක්ව තිබේ.

මුස්ලිම් අයගේ අවමංගල කටයුතු කරන ජානසා අවමගල්‍ය සේවා වෑන් රථයකින් දේහය රැගෙන ආ බව පැවසිණි. මීට ඉහත මෙම සුසාන බූමියේ මෙම කටයුත්ත සිදු කිරීමට ගම්වාසී විරෝධතාවයක් පැනනැගුණ නමුත් එය පසුව මැඩ පවත්වා තිබේ.