හතුන් වන වියේ පසුවන මන්ද මානසික දැරියක අපයෝජනයට ලක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්
සෙවණගල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණ තණමල්විල ප්‍රාදේශීය සභාවේ රණවීර ආරච්චිගේ නාලක රණවීර නොහොත් නාලක (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ), එච්.ඒ. ප්‍රියංග කුමාර නොහොත් චමින්ද සහ සෙවණගල
නුගේග්ගල යායේ හෙට්ටිආරච්චිගේ ආනන්ද නොහොත් හීන් මාමා යන  පස් දෙනකු මෙම 16 වැනි, තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙසේ රිමාන්ඩ්භාරයට පත් වූ අය සෙවණගල පොලිස් වසමේ කිරිඉබ්බන්වැව පදිංචිකරුවන් වූ අතර

මාස තුනක කාලයක පමණ සිට වරින්වර මෙම දැරිය අපයෝජනයට ලක්ව ඇති බවට තොරතුරු ලැබී තිබුණි.
ලිංගික අපයෝජනයට ලක් වූ දැරිය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පාසල් දැරියක වන ඇය අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව පොලිසිය පැවසුවේය.  වයස අවුරුදු 12ක් මාස 8ක් වයසැති මන්ද මානසික දැරිය විටින් විට කිපවරක් අතවරයට ලක්කර තිබූ
බවට කරුණු අනාවරණය වූ අතර මෙම අකටයුත්ත සිදු කළ අය ශ්‍රීපොජපෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයාත් මහවැලි අධිකාරියේ රියදුරෙකුත් දැරියගේ ඥාති සොහොයුරෙකුත්ය. මීට අමතරව දැරියට නෑකමින් සීයා කෙනෙකු වන අයෙකු තවත් පාසල් යන සිසුවකු සහ ව්‍යාපාර සේවකයෙකු විසින් දැරිය කලක් තිස්සේ මෙම කටයුත්තට හවුල් කරගෙන තිබේ.
ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා මානවහිමිකම් උපදේශක වරයකු වශයෙන්ද කටයුතු කරන බව පොලිසිය දන්වා ඇත.
කාලයක් තිස්සේ දැරිය රවටා අතවරයන් සිදු කර තිබූ අතර දැරියගේ පියාට සහ සොහොයුරකුට මේ බව දැනගැනිම නිසා සියල්ල අනාවරණය විය.
මේ වනවිට දැරිය හම්බන්තොට මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත.  රෝහල් පොලිසිය විසින් සෙවනගල පොලිසියට කරන ලද දැන්විමට අනුව පෙරකී දෙදෙනා හසුවුවද තණමල්විල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා මහවැලි අධිකාරි රියදුරා ඇතුළු අනිත් දෙදෙනා පොලිසිය මගහැර සැගවි සිටි බව මුලින් වාර්තා විය.

පොහොට්ටුවේ සාමාජිකයෙකු වීම නිසා අදාළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පමාවන බව පවසමින්  ප්‍රදේශවාසින්  7 වනදා කිරිඉබ්බන් වැව කැටගල් ආර හන්දියේදී විරෝධය දක්වමින් වහාම මොවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ගම්වාසින් සියලු දෙනා එකතු කොට දැඩි විරෝධතාවයක් පවත්වන බව කියා තිබුණි.
පොලිසිය පසුව ඔවුන් අත්අඩංගුවට ගත්තේය.
මෙම සිද්ධිය සැලවීමෙන් පසු නාලක රණවීර නමැති ප්‍රධාන චූදිත සැකකරුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ ප්‍රකාශ කර තිබුණි.
එසේම නාමල් රාජපක්ෂද සිය ටිව්ටර් ගිණුම හරහා සිද්ධිය ගැන අප්‍රසාදය පළ කළේය.