දේශීය එළවළු ගොවියා ගේ සියලුම එළවළු තොග අද (11) සිට මිල දී ගැනීමට රජය තීරණය කර තිබේ.
දේශීය එළවළු ගොවියා ගේ සියලුම එළවළු තොග දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන
ප්‍රදේශ වලදී රජය විසින් මිලදී ගැනීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය . විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා ඊයේ (10)මේ බව කීය.

ආර්ථික මධ්‍යස්ථාන බොහොමයක් මේ වන විට වසා දමා තිබීම හේතුවෙන් ඉතා කූට ලෙස අහිංසක ගොවීන්ගේ භවභෝග ඉතා අඩු මුදලකට ලබාගෙන පාරිභෝගික ජනතාවට වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ක්‍රමවේදයට තිත තැබීම සඳහා සහ විශාල වශයෙන් ගොවීන් තැන තැන අනාරක්ෂිත ලෙස ගැවසීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනා සාකච්ඡා කර මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය. ඒ අනුව විශේෂ මිල ගණන් යටතේ එළවළු මිල දී ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරන බවද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කීය