යේ (20) හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් අතර බොරලැස්ගමුව  රත්තනපිටිය විශ්ව විද්‍යාල පාර ප්‍රදේශයේ වාසය කළ රෝගියෙකුද විය. වකුගඩු රෝගයෙන් පෙළෙන්නෙකු වන ඔහු ප්‍රතිකාර ලබාගන්නට ගිය පන්නිපිටිය පුද්ගලික රෝහලක්ද නිරෝධායනයට ලක් කර තිබෙන අතරවාරයේ
ඔහු ඔහුගේ බිරිය සමග මීට දිනකට පෙර දානය ලබාදීමට ගිය බොරලැස්ගමුව විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන්  වහන්සේලාද නිරෝදායනයට ලක්කර ඇති බව වාර්තා විය.

උන් වහන්සේලා විහාරස්ථානය තුළම  අද (21) ස්වයං නිරෝධනයට 
ලක් කළ බව බොරලස්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩ බලන පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.කේ. විජේසූරිය මහතා පැවසීය.
 ආසාදිතයාගේ පවුලේ අය නිවස ආසන්නයේ පිහිටා ඇති විහාරස්ථානයට දහවල් දානය පිරිනමා ඇති බව අනාවරණය වීම හේතුවෙන් පන්සලේ භික්ෂූන් වහන්සේලා මෙලෙස නිරෝධායනය කර තිබේ.

වයස අවුරුදු 56 වන එම එම පුද්ගලයා උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම හේතුවෙන් ඊයේ  20 ශ්‍රී ජයවර්ධනපුර රෝහලට  ඇතුළත් කෙරිණි.
අනතුරුව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී  ඔහු  කොරෝනා  ආසාදිතයකු  බවට තහවුරුව තිබේ.

එම අවස්ථාවේදී ආසාදිත රෝගියාගේ පුත්‍රයා රෝග ලක්ෂණ පෙන්නුම් කර නැති අතර බිරියද එම ලක්ෂන පෙන්වා නැත. කෙසේ වෙතත් රෝගියාගේ පවුලේ අය එම නිවස තුළම ස්වයං  නිරෝධනය ලක් කිරීමට අද දින  පියවර ගෙන තිබේ.