ඊයේ බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගියා අවසන් වරට ප්‍රතිකාර ලැබූ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය පී. සී . ආර් පරීක්ෂණයට  ලක් කර
එහි කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට ලක් කළබව  මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී  කාර්යාලය පවසයි.

මෙහි දී රෝගියා ගේ බිරිඳ ඇතුළු කාර්ය මණ්ඩලයේ  70 දෙනකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් ලක්කර තිබුණි.

මෙම රෝගියා ඉකුත් 19  වැනි දා පන්නිපිටිය පෞද්ගලික රෝහලට පැමිණ ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර මේ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා වීමත් සමඟ එහි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අද එම ස්ථානයට පැමිණ කාර්ය මණ්ඩලයේ පරීක්ෂණයට  ලක් කළ කර තිබේ .

රුධිර කාන්දුකරණ ඒකකයෙ  සේවය කළ කාර්ය මණ්ඩලයේ 7 දෙනකු දින 14 ක් එම රෝහල් පරිශ්‍රයේම නිරෝධායනයට ලක් කළ බවද බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ.