ද සවස මැතිවරණ කොමිසම සමග කොවිඩ් මර්දන කණ්ඩායම පවත්වන සාකච්ඡාවෙන් පසු මෙවර මහමැතිවරණය පවත්වන ස්ථිර දිනයක් ප්‍රකාශයට පත්කරනු ඇතැයි දේශපාලන ආරංචි පළව තිබේ.
සභාපති මහින්ද දේශප්‍රිය දින නියමයක් නැතිව මැතිවරණය කල් තැබීම ගැන අප්‍රසාදය පළකරමින් මීට දින කිහිපයකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ ලිපියක්
ලිවීමත්, ඊට පෙර ජනපති ලේකම්වරයා මැතිවරණ දිනය ප්‍රමාද කිරීම ගැන හා ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසීමට අප්‍රසාදය පළ කරමින් සභාපතිවරයාට ලිපි ලිවීමත් රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකුගෙන්ම මේ හා සමාන අදහස් පළවීමත් නිසා එම පසුබිමේ මැතිවරණ කොමිසමට මෙම දිනය ඉක්මණ්

කරවන්න යයි රජය පාර්ශ්වයෙන් බලපෑමක් ඇති බව පැහැදිලිය.

කෙසේ වෙතත් ලෝක මට්ටමේදී මේ වනවිට කොරෝනා ආසාදන අන්තරාය මැද මැතිවරණයක් පවත්වා ඇත්තේ දකුණු කොරියාව පමණි. ප්‍රංශයේ ප්‍රාදේශිය මැතිවරණයක පළමු වටය පමණක් පවත්වා ඇති අතර රටවල් 30 කට වැඩි ප්‍රමාණයක් මැතිවරණ කල්දමා ඇත.

ඉතියෝපියාවේ කොරෝනා ආසාදිතයින් සියයක පමණ ප්‍රමාණයක් හා මරණ 3 ක් පමණක් වාර්තාවී තිබියදී අගොස්තු මාසයේ මැතිවරණයද කල්දැමූ බව සැලවූයේ ඊයේය.

මේ දක්වා නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අද (20) සවස සාකච්ඡාවට පෙරාතුව උදෑසන සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ තමන් කිසිදු බලපෑමකට යටත් නොවන බවත් තම තීරණය තනි මතයට නොගන්නා බවත් දක්වමින් පහත සටහන පළ කර තිබේ.