පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන කරුණ මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එක්සත්
ජාතික පක්ෂ හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හැර තිබේ.
පසුගිය දිනෙක මන්ත්‍රීවරයා පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇදිරි නීති බලපත්‍ර ගැටලුවක් සහිත පැමිණි පුද්ගලයෙකු මුදාගැනීම වෙනුවෙන් මන්ත්‍රීවරයා පොලිසිය සමග බහින්බස්වීමක් සිදු කරගත් පසුව ඔහු රාජකාරියට බාධා කළේය යන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර කර තිබුණි.