11am
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය 27 වනදා උදෑසන 5.00 දක්වා දීර්ඝ කෙරේ.
මින් ඉහත 22 බදාදා මෙම ප්‍රදේශවල ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබුණි.
සෙසු දිස්ත්‍රික්ක වල පෙර සදහන් ආකාරයට
ඇදිරි නීතිය ලිහිල් කිරීම සිදුවුවත් එය 24 සිකුරාදා රාත්‍රී 8 ට නැවත පැනවූ පසු ඊළග 27 සදුදා දක්වාම ක්‍රියාත්මකය.
කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය නැවත දැක්වුවහොත් පහත පරිදිය.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කෙරේ.
සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා වන අතර අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00ට මේ දිස්ත්‍රික්කවල යලි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා බලාත්මකව පවතී.
ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරාදා සහ 26 ඉරිදාත් මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කෙරේ.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කලින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි හා උපදෙස් නොවෙනස්ව පවතී.