යේ සවස වරකාපොළ ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා වෛරස ආසාදිතයා, මීට පෙර වෛරසය ආසාදනය වූ කටුනායක ගුවන් තොටුපලේ පවිත්‍ර සේවිකාව නවාතැන් ගෙන සිටි නිවසේ
පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

එම ආසාදිතයා ඊයේ(21) රාත්‍රි අයි.ඩී.එච් රෝහල වෙත යොමු කර තිබුණි.

මීට ටික දිනකට පෙර කටුනායක ගුවන් තොටුපලේ පවිත්‍ර සේවිකාවකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගැනීමත් සමඟ ඇය සිටි නිවසේ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබූ අතර එලෙස නිරෝධායනයට ලක් කළ පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

මේ කියන නිවසේ සිටින තවත් පුද්ගලයින් දෙදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල තවම ලැබී නැත. ඔවුන් තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.