ජපාන රජය විසින් මෙරට කොරෝනා මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක ප්‍රදානයක් සිදුකර තිබෙයි.


දියුණුවෙමින් පවතින රටවල සෞඛ්‍ය සහ වෛද්‍ය සේවාවේ ධාරිතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම මුදල් පරිත්‍යාග සිදුකරන බව ජපන් තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හරහා ඇමෙරිකානු ඩොලර් 500,000 ක් , සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය හරහා ඇමෙරිකානු ඩොලර් 422,500 ක් / ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩසඳ සංගම් හරහා ඩොලර් 250,000 ක් මෙලෙස පරිත්‍යාග කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙමගින් බෝවන රෝග පාලනය ඇතුළු වූ ශ්‍රී ලංකා රජයේ විවිධාකාර ආර්ථික සමාජීය කාර්යන්ට තම සහයෝගය සඳහා ජපන් රජය කැපවන බව සඳහන් කර ඇත.