න්දියාවේ පළවන ප්‍රධාන පුවත්පතක් වන 'ද හින්දු' උපුටා දක්වමින් කොරෝනා වෛරස මර්දන කාර්යය සඳහා ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවලට ඉන්දීය හමුදා කණ්ඩායම් යොමු කිරීමට එරට රජය තීරණය කර ඇතැයි වාර්තා පළ විය. නමුත් මේ වනවිට එම වාර්තාව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව
ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දියානු හමුදා කණ්ඩායමක් දිවයිනට පිටත් කර එවීම සම්බන්ධව යුද හමුදාවට කිසිඳු නිල දැනුම්දීමක් ලැබී නැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගෝඩියර්  චන්දන වික්‍රමසිංහ  දන්වා සිටියේය.
“වෛද්‍ය කණ්ඩායමක් හෝ හමුදාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැත එය අසත්‍යයකි. ” යනුවෙන් මහ කොමසාරිස් කාර්යාලය මෙරට මාධ්‍ය වෙත නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
අඟහරුවාදා, ඉන්දියානු මාධ්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින් සාර්ක් රටවලට සහාය වීම සඳහා කණ්ඩායම් යෙදවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා විය.
වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා කලාපයේ සියලුම මිත්‍ර රටවලට උපකාර කිරීම ඉන්දියාවේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය සඳහා කණ්ඩායම් සූදානම් කරමින් සිටින බවද දන්වා තිබුණි.