ලොවපුරා රටවල් බොහොමයක් අගුලු දැමීමත් සමඟ විවිධ පුවත් අසන්නට දකින්නට ලැබේ. 82 හැවිරිදි කාන්තාවක් පිළිබඳ පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේද බොහෝ දෙනාට හාස්‍යජනක අත්දැකීමක් ලබා දෙමිනි.
මෙම 82 අසූ හැවිරිදි කාන්තාව මේ වන විට ස්වයං නිරෝධායනයේ යෙදී සිටියි. ඇගේ දියණිය තමන්ගේ මවට අවශ්‍ය දෑ පිළිබඳව විමසා බැලීම සඳහා ඇගේ නිවෙසට පැමිණි විට එම අසූ දෙහැවිරිදි කාන්තාව තම දියණියගෙන් ඉල්ලා සිට ඇත්තේ ඉතා අපූරු දෙයකි. මේ පිළිබඳව  දියණිය පුදුමයට පත්වූ බව ප්‍රකාශ කරමින් හාස්‍යජනක ලෙස තම මවගේ ඉල්ලීම සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණි.

තමන්ගේ මවට අවශ්‍ය දේ පිළිබඳව විමසා බැලීමට ඇය කටයුතු කර ඇත්තේ නිවසේ ජනේලය අසලට ගොස්ය. එහිදී තමන්ගේ මව දුරස්ත භාවය ආරක්ෂා කරමින්  අවශ්‍යව ඇත්තේ එකම ද්‍රව්‍යයක් පමණක් බව නිරූපණය කර තිබේ. අතින් ලියන ලද පුවරුවක තමන්ට වයින් බෝතලයක් අවශ්‍ය බව එම මහලු මව නිරූපණය කර තිබුණේ එක් අතකින් එම පුවරුව ද අනෙක් අතින් හිස් වයින් බෝතලයක් ද පෙන්වමිනි.

කෙසේ වෙතත් තමන්ගේ මව විසින් කළ මෙම ඉල්ලීම නිසා පුදුමයට පත් ඇගේ දියණියත් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ඇගේ ඡායාරූපයක් පළ කරමින් මෙම පුවත සඳහන් කර තිබුණි. දරුවන් හයදෙනෙකුගෙන් යුත් මෙම මහලු කාන්තාව අතීතයේ සිටම මෙය පුරුද්දක් කරගෙන සිටි බව ඇගේ දියණිය පවසයි. විනෝදබර දිවියක් ගත කරන තමන්ගේ මව සිදු කළ මෙම ක්‍රියාව පිළිබඳව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබුණේ හාස්‍යජනක ලෙසයි.

කෙසේ නමුත් මෙවන් හාස්‍යජනක පුවත් බොහොමයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන අතර මෙයද එවැන්නකි.

(රිෂ්මි ඉෂාරා)