කොරෝනා වසංගතය නිසා අවුරුදු ගණනක් හීන මවලා ඩොලර් 10,000ක් වියදම් කරලා ගන්න හිටපු
තමන්ගේ විවාහ උත්සවය අහිමි වෙලා ගිය යුවළක් ගැන තමයි මේ කතාව.


ස්කොට්ලන්තය පැත්තෙන් අහන්න ලැබෙන මේ කතාවේ එන මනමාලියත් මනමාලයත් සේවය කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වීම විශේෂත්වයක්.


ජාත්‍යන්තර සෞඛ්‍ය සේවයේ නිලධාරීන් වුණ මේ යුවළ විවාහයෙන් පස්සේ සති දෙකක කාලයක් මධුසමය
වෙනුවෙන් පහුගිය අප්‍රේල් 11 වෙනිදා වියට්නාමයට යන්නත් සැලසුම් කරලා තියනවා.

මේ කණගාටුදායක අවස්ථාව වෙද්දී Alex Buckwell and David Collie කියන මේ තරුණ යුවළ
අවුරුද්දක් තිස්සේ මහන්සි වෙලා තමන්ගේ විවාහ උත්සවයේ වැඩ බොහොමයක් බොහොම අපූරුවට සංවිධානය
කරලා අවසන් කරලා තිබුන බව තමයි දැනගන්න ලැබෙන්නේ.

ඔවුන්ගේ ඇඳුම් පැළදුම්, කෑම බීම, සැරසිලි, විවාහ උත්සවය පවත්වන ස්ථානය වගේ ගොඩක් දේවල් ඒ
අතර අවසන් වෙලා තිබිලා තියනවා.

නමුත් අවසානයේ නොහිතපු වෙලාවක ලෝකයටම බලපෑම් ඇතිකළ මේ කොරෝනා වසංගතය නිසා ඔවුන්ට
සිදුවෙනවා උත්සවයක් නැතුවම විවාහ වෙන්න. ඒක ඇත්තටම ඔවුන් දෙදෙනාට කෙතරම් කණගාටුදායක
අත්දැකීමක්ද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැහැ.


විවාහයෙන් පස්සේ ඔවුන් තමන්ගේ ගෙදරට යනවා. මේ අතරේ තමයි ඒ අපූරු පුදුම කිරීමේ උත්සවය
සංවිධානය වෙන්නේ. ඔවුන් වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කරන්නේ ඔවුන්ගේ අසල්වැසියන්.

ඔවුන් සෞඛ්‍ය නිලධාරීන් වීම නිසාම කොරෝනා සටන වෙනුවෙන් ලබා දෙන දායකත්වයට ගරු කිරීමක් විදිහට වගේම විවාහ උත්සවය මගහැරීම සම්බන්ධයෙන් හිත් තුළ පවතින කනස්වල්ලට පොඩි හරි සහනයක් දෙන්නයි මේ
අපූරු මිනිස්සු ටිකට ඕන කරන්නේ. බලන්න කොතරම් කරුණාවෙන් පිරුණ පිරිසක්ද කියලා.

අවසානයේ මෙන්න මේ විදිහට තමයි ඔවුන්ගේ ඒ පුදුම කිරීමේ උත්සවය සංවිධානය වෙලා තියෙන්නේ.

රිද්මි පතිරණ