මේ දිනවල පවතින ඇඳිරි නීතිය හමුවේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ ඔස්සේ නිසි ලෙස බෙදානොහැරෙන තත්වයක් මතුවී තිබේ. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ස්ථාපිත කිරීම සඳහා සකස් කොට ඉදිරිපත් කරන ලද පර්යේෂණ වාර්තාවක් ඇසුරෙන් මෙම ගැටලුවට විසඳුමක් ලබාගත හැකි බව කපිතාන් හර්ෂ ගෝවින්ද කෝරලේආරච්චි
පවසන්නේය.
රටක ආහාර සුරක්ෂිතතාවය ඇති කළ යුත්තේ රජය වන බවත් එය හුදෙක් පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ වගකීමක් නොවන බවත් අවධාරණය කරන ඔහු
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ස්ථාපිත කිරීම සඳහා පර්යේෂණ වාර්තාවක් පහත පරිදි ඉදිරිපත් කරයි.


දැනට උද්ගත වී ඇති කොරෝනා (COVID 19) වෛරස තර්ජනය හමුවේ ශ්‍රීලංකාවේ ආහාර ගබඩා කරණ  ක්‍රියාපටිපාටිය අවිධිමත්, අක්‍රමවත්  සහ නාස්තිය ඉහළ මට්ටමක ඇති බව පැහැදිලිව පෙනේ මෙම ක්‍රියා වලිය නාස්ති අවම වන පරිදි ක්‍රමවත්ව ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් ලෙස කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසදුම් යෝජනාවලියක් රජයට ඉදිරිපත් කරමි.

මෙය ඔබගේ වගකීමක් ලෙස සලකන්න

1. කියවන්න,
2. ඔබ දැනුවත් වන්න
3. එයට අදාල රාජ්‍ය අංශ දැනුවත් කරන්න


ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ස්ථාපිත කිරීම

ජාතික ආහාර ගබඩා කිරිම (ජාතික ආහාර බැංකු සංකල්පය)

1. ආහාර ගබඩා සඳහා රාජ්‍යය තන්ත්‍රයෙහි දායකත්වය - රට පුරා ස්ථාපිත කරන ලද ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩා සංකීර්ණය පදනම් කරගෙනය.

2. මෙම අධ්‍යයනය කරන සමයේදී ලංකාවේ ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩා 145 ක් තිබුණු අතර ගබඩා කිරීමේ ධාරිතාවය මෙට්‍රික්ටොන් තුන් ලක්ෂ පනස් දහසක් (350000 MT) විය

3. ආහාර ගබඩා කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් නිර්දේශ කරන ලදී,

මාගේ මේ පර්යේෂණය සිදුකරන කාලසීමාවේදී බැංකු ක්ෂේත්‍රයේ මෙන්ම පාරිභෝගික අමාත්‍යාංශයේ නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයට ලක් කරන ලදී එහිදී මට දැනගැනීමට ලැබුනේ බැංකු ක්ෂේත්‍රයේ මූල්‍ය පාලනය හුදෙක්ම කෘෂිකර්මය හා බැඳී ඇති ක්ෂේත්‍රයක් බවයි.

ඔබ දන්නෙහිද, බැංකුවක ස්ථිර තැන්පතුවක පොලිය කල් පිරෙනුයේ මාස තුනකට පසුව බව.

එයට මූලික හේතුව කෘෂිකර්ම ක්ෂේත්‍රයයි.

එයට හේතුව බෝග වගාවක් කොට එහි අස්වැන්න නෙළා ගැනීමට අවම වශයෙන්  මාස තුනක්වත් කල් ගත වන බැවිනි.

නමුත් අද අප බැංකු ක්ෂේත්‍රයේ ආයෝජනයක් කරනුයේ හුදෙක්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් බැහැරවයි.

ඉතින් අපි කොහොමද ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ ඊට සෘජුව සම්බන්ධ වී සිටින ගොවිජන ප්‍රජාව සුරකින්නෙ???

ගොවීන්ට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කිරීමට අපොහොසත් වන්නේ ද ඊට නිසි ක්‍රමවේදයක් රජය විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත්තේද පාරිභෝගිකයා සහ ගොවියා අතර මුල්‍යමය ගනුදෙනුව සෘජුවම බැංකු ක්ෂේත්‍රය හරහා නොතිබීමයි.

මෙහිදී අතරමැදියා රාජ්‍යය අංශය හෝ පෞද්ගලික අංශය විය හැක

මීට පිළිතුරු සෙවීමේදී මගේ අධ්‍යනයේ

 නිර්දේශයන්ට අනුකූලව පහත යෝජනා ඉදිරිපත් කළෙමි.

ආහාර බැංකු පිහිටුවීම

ආහාර ගිණුම් පවත්වාගෙන යෑම

එහිදී ආහාර ස්ථිර තැන්පතු, ආහාර ඉතිරි කිරීමේ තැන්පතු ඔබගේ අතේ ඇති මුදල් ප්‍රමාණය අනුව පවත්වාගෙන යා හැකිය

ගිණුම් හිමියන්ට ආහාර ණය ලබා ගැනීමට ද හැකියාව ලැබේ

මෙය පළමුවන අදියරේ දී ශ්‍රී-ලාංකිකයන්ටද දෙවන අදියරේ දී විදේශිකයන් හට ද අවස්ථාව ලබා දෙනු ලැබේ.

ජාතික ආහාර බැංකු පද්ධතියේ ගබඩා කිරිම සිදුකරනු ලබනුයේ රට පුරා ස්ථාපිත කරන ලද ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩා සංකීර්ණය පදනම් කරගෙනය.

මෙහිදී වැදගත් කරුණක් වනුයේ සහල් කිලෝ එකක් (1 Kg) අවුරුද්දක් ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩාවක තැන්පත් කිරීමට 2010 වර්ෂයේ දී වැය වූ මුදල සත අසූවකටත් වඩා අඩුය (රු, 0.80).

එම මුදල වැය වනුයේ ගබඩා කර ඇති වී කෘමීන්ගෙන් ආරක්ෂා කිරීමට ධූමායන කටයුතු ඇතුළු අනෙකුත් නඩත්තු කිරීම සඳහාය.

රාජ්‍ය  අංශයේ ජාතික ආහාර බැංකු වල සිට මූල්‍ය බැංකු මෙන්ම ලංකා සතොස , සමුපකාර සහ පාරිභෝගිකයාට ආහාර ලබා දෙන අවස්ථාව දක්වා  ගැලීම් සටහන සඳහා ඇමුණුම බලන්න.

ඉහත නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් රජයට ඇති වාසි

රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට හැකිවීම

ආහාර ගිණුම් මගින් අස්වනු මිලදී ගැනීමට මුදල් පාරිභෝගිකයා ගෙන් ලබා ගැනීම

එමගින් මුදල් ඇති පාරිභෝගිකයාගෙන් වී සහ ධාන්‍ය වල මිල පාලනයක් ඇති කිරීමට හැකිවීම

විදේශීය ආහාර ගිණුම් මගින් විදේශ විනිමය ඉපයීමට හැකි වීම

ලංකා සතොස, සමුපකාර සහ සමුපකාර සමිති රට තුළ ප්‍රවර්ධනය කිරීමට හැකි වීම

ඉහත නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් පාරිභෝගිකයාට ඇති වාසි

ආහාර ගිණුම් මගින් තමන්ට ආහාර සුරක්ෂිතතාවය ඇති වීම

ආහාර ගිණුම් මගින් තමන්ට ආහාර කළමනාකරණය කිරීමට හැකි වීම

ඉහත නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ගොවියාට ඇති වාසි

අස්වැන්න නෙළා ගැනීමට පෙර එහි මිල සහතික වීම

ආහාර ස්ථීර තැන්පතු මගින් තමන්ගේ අස්වැන්න ඉදිරියේදී මුදල් කර ගැනීමට හැකිවීම