Covid 19 වෛරසයට එරෙහි සටනේ නියුතු විරුවන් අතරින්
වෛද්‍යවරුන්, වෛද්‍යවරියන්, හෙද හෙදියන්, සාත්තු සේවක සේවිකාවන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියළුම දෙනා අපට කිසිදිනෙක අමතක කල නොහැකි සෙවයක් ඉටුකරමින් සිටිනවා. ඔවුන් මේ මොහොත් තම
ආදරණීයයන් ගෙන් පවා දුරස්ව රට වෙනුවෙන් කැපවනවා.

දිවා රාත‍්‍රී සේවයට කැපවී සිටින ඔවුන් හට බොහෝවිට රෝහල් වලින් පිටතට යාමට
ලැබෙන අවස්ථාව ඉතා සීමිතයි. මේ හදිසි අවස්ථාවේ ඔවුන්ගේ නිවෙස් වලට කතා බහ කිරීමේ
සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය රීලෝඞ් පහසුකම් නොමිලේ ලබාදීම සඳහා
Pay Master Solutions  ආයතනය ඉදිරිපත්වී තිබෙනවා. මේ අනුව IDH රෝහල් කාර්ය
මණ්ඩලයේ ප‍්‍රයෝජනය සඳහා අවශ්‍ය රු. 250,000/- වටිනා රීලෝඞ් නොමිලේ ප‍්‍රදානය කිරීම
පසුගියදා සිදුවුනා.

සියයට සියයක්ම අපේම රටේ දේශීය තාක්ෂණය සහ දැනුම උපයෝගී කොට ගෙන
නිර්මාණය කල ජංගම දුරකථන මෘදුකාංගය  “Pay Master App” භාවිතා කරමින්
සිටින තැනින් පිටතට නොයා ඉතාම පහසුවෙන් තමන්ගේ දුරකථන රීලෝඞ් කරගැනීමේ අවස්ථාව මේ අනුව ඔවුන්ට ලැබෙනවා. පවතින ඇඳිරි නීති තත්වය හමුවේ නිවෙස් වලින් බැහැරව වෙළඳසැල් වෙත යාමට නොහැකි මෙම හදිසි අවස්ථාවේදී Pay Master App එකේ අවශ්‍යතාවය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනවා.

එමෙන්ම මේ මොහොතේ තම සේවය අවශ්‍ය  ඕනෑම ආයතනකට එම සේවය විශේෂයෙන්
ලබාදීම සඳහා තම කාර්ය මණ්ඩලය සූදානම්ව සිටින බව Pay Master Solutions ආයතනය පවසනවා. මේ වන විටත් දිවයින පුරා දස දහස් ගණනකට අධික පාරිභෝගික පිරිසක් තම දෛනික රීලෝඞ් අවශ්‍යතා සඳහා භාවිතා කරන ඇප් එකක් බවට Pay Master App එක පත්ව තිබෙන අතර පවතින හදිසි තත්වය යටතේ පවා තම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා හිමිදිරි උදෑසන සිට මධ්‍යම රාත‍්‍රිය පසුවන තුරු උපකාරක සේවා ලබාදීමට Pay Master ආයතනයේ සේවක මණ්ඩලය කැපවී සිටීම විශේෂත්වයක්.

එමෙන්ම ජාත්‍යන්තරව පිළිගත් ඉහලම තත්වයේ )අන්තර්ජාල ආරක්ෂණ ක‍්‍රමවේදයන් වලට අනුකූලව නිර්මාණය කර ඇති Pay Master App එක, ආරක්ෂාකාරී ඔන්ලයින් ගෙවීම් සඳහා වන )ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශිත ක‍්‍රමයන් යටතේ නිර්මාණය කොට ඇත.

සිංහල, දමිළ සහ ඉංගී‍්‍රසි භාෂාවන් ඔස්සේ තම සේවය සපයන Pay Master App එක
පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා www.paymasterapp.com වෙබ් අඩවියට පිවිසෙන්න.