ලංකාවේ කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණය ලෙස දැනට 70 කට වැඩි පිරිසක් වාර්තාවී ඇති කොටහේන කෙසෙල්වත්ත ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතේ 'පොකුරු' ප්‍රජාවට ආසාදනය ගෙන ආවේ ඉන්දියාවේ සිට වන්දනා ගමනක් ගොස්
පැමිණි 59 හැවිරිදි කාන්තාවක බවට වාර්තා පළ විය. ඇය ඇදුම රෝගයෙන් පීඩා වින්ද නිසා කොරෝනා රෝග ලක්ෂණ යයි ඇදුම ලක්ෂණ පටලවා ගැනීමෙන් ප්‍රතිකාර පමාවූ බවත් දින 33 කට පසු රෝහල්ගතවූ බවටත් වාර්තා පළ විය.


දැන් අයිඩීඒච් රෝහලේ ප්‍රතිකාර ලබන ඇය හිරු ප්‍රවෘත්ති නාලිකාව අමතා තමන්ට කිසිදු වෙනත් රෝගයක් නොතිබූ බවත් රෝගය වැළඳුණ ආකාරය ප්‍රහේලිකාවක් බවත් දන්වා තිබේ.

ඉස්සරහ ගෙදර අයට උණ තිබුණ බවත් තම ප්‍රජා සමූහයේ තරුණ කෙනෙකු හදිසියේ මියයාමක් ගැනත් පමණක් මින් පෙර දැනගන්නට ලැබුණ බවත් ඉන් අනතුරුව තමන්ට මෙම ලක්ෂණ පහළවනතුරු කොහෙන් එය ආවාදැයි සිතාගන්නට බැරි බවත් ඇය පවසයි.

ඇය කියූ දෙය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ බණ්ඩාරනායක මාවතේ මෙම ප්‍රජාවේ රෝගය පැතිරීමට බලපාන්නට ඇත්තේ කරණවෑමියෙකු ලෙස හදුනාගත් රෝගියා විය හැකි බවත් ඔහු ඇදිරි නීති සමයේ නිවෙස්වලට ගොස් ජංගම සේවයක් සලසමින් එක් එක් අයගේ කොන්ඩය කපා කොරෝනාවද පතුරමින් ගමන් කර ඇති අයුරු හදුනාගත් බවයි.

වන්දනාවේ ගිය කාන්තාව රූපවාහිනී නාලිකාව ඇමතූ අයුරු පහතින්