තමන් විසින් ඒකපාර්ශිකව පාර්ලිමේන්තුව රැස්කරනු ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු කථානායක කරූ ජයසූරිය සඳහන් කරනවා.


තම නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් හිටපු කථානායක වරයා මේ බව සඳහන් කර තිබෙනවා. ඒ මෙසේය.


“කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍යය. එබැවින්, මවිසින් ඒකපාර්ශිකව පාර්ලිමේන්තුව රැස් කරනු ඇතැයි යන්න සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ. අර්බුදයක් වැළැක්වීමට විධායකය කටයුතු කළ යුුතු වේ. යම් මතභේදයකදී, අධිකරණයේ නියෝගය ගරු කිරීමට මම බැඳී සිටිමි.”