ජනතාවට සහන ලබා දීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, එම ජනතාවට සහන සැලසීම සදහා වහාම
පාර්ලිමේන්තුව කැදවිය යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම රට තුළ මේ වනවිට ඖෂධ හිගයක් මතුව ඇති බවත් පෙන්වා දුන් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය සමග සිටින හිටපු මන්ත්‍රීවරුන් 80කට අධික පිරිසක් කිසිදු වරප්‍රසාද බලාපොරොත්තුවකින් තොරව ජනතාවට සහන සැලසීම සදහා ආණ්ඩුවට සහාය ලබා දීමට සූදානම් බවත් පැවසීය.