අද (24) දිනයේ කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් අතර වැලිසර නාවික හමුදා කදවුරේ සිට  නිවාඩු  ලබාගෙන ගොස් රත්නපුර  රෝහල් මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා ⁣නැවියකු ද සිටී.
රත්නපුර හිදිල්ල  කන්ද ප්‍රදේශයේ පදිංචි  33  හැවිරිදි  මෙම නාවික  සෙබළා  ඊයේ (23) රාත්‍රියේ  රත්නපුර මහා රෝහලට ඇතුළත් කර තිබුණි. සෙබලා  කොළඹ  අයි.ඩි.එචි. රෝහල
වෙත මාරැකර යවා ඇතැයි ආරක්ෂක අංශ  කියයි.
මීට අමතරව කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ද අද කොරෝනා ධනාත්මකවූ රෝගීන් අතර සිටි අතර ඔහු ගැන ඊට වැඩි විස්තර හෙළි කර නැත.
මීට අමතරව අද හදුනාගත් ආසාදිතයින් අතර කොළඹ 12 ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතේ සුපිරි වෙළෙද සැලක සේවය කළ සේවකයින් 2 නෙකුද සිටින බව වාර්තා විය.
මේ අතර පසුගිය කාලයේ කොරෝනා ආසාදනයවී මරණයට පත්වූ මරාදානේ තට්ටු නිවාසයේ පදිංචිව සිටි පිරිස් නිරෝධයනයට ලක් කළ පසුව ඒ අය අතර සිටි ගර්භණී කාන්තාවක අද දිනයේ කොරෝනා ධනාත්මකවී ඇති බවට හදුනාගෙන තිබේ. ඇය දරුවාට උපත ලබාදී නැති මුත් ඇගේ දරුවා දරු ගැබ තුළදීම මියගොස් ඇති බවට ද සොයිසා රෝහල් ආරංචි වාර්තා කර තිබේ. කෙසේ වෙතත් ඇගේ දරු කලලයේ මරණය හා කොරෝනා ලක්ෂන අතර සම්බන්ධයක් තිබී නැති අතර ගර්භනී කාන්තාවන්ගේ කොරෝනා පරීක්ෂණය සිදු කරන බැවින් ඒ ගැන විමර්ශනයේදීී ඇයට කොරෝනා ධනාත්මක බව සොයාගෙන ඇත.
අද ආසාදිතයින් අනෙක් අය වැලිසර නාවික හමුදා කඳවුරේ පිරිස සහ බණ්ඩාරනායක මාවතෙන් හමුවූ කිහිප දෙනෙකි.