කොරෝනා වයිරසය ආසාදනය වීමෙන්  බ්‍රිතාන්‍යයේ  උතුරු ලන්ඩනයේ එඩ්මන්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටි අනුර ගාල්ලගේ මහතා පසුගියදා මියගියේය. ඔහුගේ මියයාම සිදුවූ ආකාරය ගැන ලංකාවේ ඇතැම් මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු පළවී තිබෙන බැවින් ඒ ගැන කණස්සල්ලට පත් ඔහුගේ සමීපතමයින් මේ ගැන සත්‍ය තත්වය දක්වා සටහන් තබා තිබේ.
එරට පවතින නීතිය අනුව ආසාදනය දැනගත් පසු 
රෝහලට නොයා ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී ස්වසන අපහසුතා හේතුවෙන් සිය නිවසේ කාමරය තුලදීම අවාසනාවන්ත ලෙස ඔහු මියගිය බවත් එරට සෞඛ්‍ය සේවය (එන්.එච්.එස්.) වෙත දැනුම් දුන්නද වේලාවට ආවේ නැති බවත් වැරදි ආරංචියේ කියැවිණි.
සත්‍ය ලෙසම එවැන්නක් සිදුව නැත.
බ්‍රිතාන්‍යයේ වාසය කරන ප්‍රවීණ මාධ්‍යවේදිනි අනෝමා වත්තලාදෙනිය සිද්ධිය පැහැදිලි කරමින් සිය මුහුණු පොතේ පළකළ ලිපිය පහතින්