යේ (17) කොරෝනා ආසාදිතයින් පිළිබඳ දැනට දිනකදී සිදු කළ වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වූ 695 සිදු කළ බවත් ඒ අනුව පවුල් දෙකකට අයත් 6 දෙනෙකු ආසාදිතයින් ලෙස ධනාත්මක වූ බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඉන් එක් පවුලක් වන්නේ පසුගියදා මහරගම අපේක්ෂා රෝහලේදී
හමුවූ රෝගියාගේ පවුලේ අය වන අතර අනෙක් පවුල වන්නේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ හමුවූ කාන්තාවගේ පවුලේ අයයි.
අපේක්ෂා රෝහලට අන්තරායකාරී තත්වයක් ඇති කරමින් රෝහල්
කාර්යමණ්ඩලයටද නිරෝධායනයට යොමු වන්නට සිදුවූ පළමු සිදුවීම මීට සති එකහමාරකට පමණ පෙර වාර්තා වූවකි. එම පුද්ගලයා කොරෝනා ආසාදිතව තවම ප්‍රතිකාර ලබන අතර ඊයේ ධනාත්මක වූ 3 දෙනෙකු වූයේ ඔහුගේ බිරිය හා දියණියන් දෙන්නාය. මේ අය පූනානිහි නිරෝධායන මධ්‍යස්ථානයේදී සිටියදී සිදු කළ පරීක්ෂණ අනුව මෙම ප්‍රතිඵලය පෙන්නුම් කර තිබේ.
ඊයේ වාර්තාවූ අනෙක් 3 දෙනා වන්නේ ඉන්දියාවේ සිට වන්දනා ගමනක් ගොස් නැවත පැමිණ දින 33 කට පසු කොරෝනා ආසාදිත බවට හදුනාගත් කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවගේ සැමියා හා පුතුන් දෙන්නාය.මෙම එක් පුතෙකු මුහුණු ආවරණ ස්වයං රැකියාවක නිරතවී කළුබෝවිල සරණංකර පාරේ ෆාමසියකට මුහුණු ආවරණ විකුණා ඇති බවට ලද ආරංචිය අනුව එම ෆාමසියේ හමුදා නිරීක්ෂණයක්ද ඊයේ සිදුවූ අතර එම ආවරණ තොගය ගිනි තබා ෆාමසියට සීල් තැබීම සිදු කර තිබුණි.