කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිබඳව තමාට මෙන්ම රටටත් විශ්වාසයක් නැති බව දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් කියා සිටී.



අප්‍රේල් 17 දින මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු පැවසුවේ “ආණ්ඩුවට තිබෙන කැත හදිසිය ඔප්පු කර ඇති” බවයි. එම නිසා ආසාදිතයින් සංඛ්‍යාව හෙළිදරව් නොකිරීමට ආණ්ඩුව වගාබලාගනිමින් සිටින බවට ඔහු චෝදනා කර සිටයේය.

ආණ්ඩුව බුද්ධි අංශ යොදවා සොයා ගත් කරුණු ද ‍රටට හෙළි කරන ලෙසත් ඉන් අනතුරුව මැතිවරණයක් සඳහා යා යුතු බවත් මනෝ ගනේෂන් අවධාරණය කළේය.

බුද්ධි අංශ විසින් ආසාදිතයින්ගේ සමීපතම එනම් ආසාදිතයින් ඍජුව ආශ්‍රය කර ඇති 45,000ත් 50,000ත් අතර ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව රටට හෙළි දරව් කළ යුතු බව ඔහු කියා සිටී. ඒ අය පිළිබඳ රටට කියා රට විවෘත කරන ලෙස ඔහු කියා සිටියේය.