මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන වැඩසටහන සම්බන්ධව දිසා ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ
ලබන 20 වනදා පාසල් විවෘත කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් එවැනි ප්‍රචාරයක් ගෙන යාම තරයේ හෙළා දකින බවද ඔහු කීය.
පාසල් විවෘත කිරීමට දැනට දින යොදා ඇත්තේ මැයි 11 බව ඔහු කීය.